මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුව පළාත් ගුරු සේවයට නව උපාධිධාරීන් 400ක්

    ජූනි 29, 2017
    සබරගමුව පළාත් සභාව මගින් නවක ගුරුවරු 400ක් සඳහා පත්වීම් ප්‍රදානය, ලබන ජූලි මස 05 වන දින සිදුකරන බව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස්.වීරසූරිය මහතා සඳහන් කරයි.
     
    පසුගිය දිනවල පැවති සම්මුඛ පරීක්ෂණවලින්  තෝරා පත්කර ගනු ලැබූ උපාධිධාරීන් සඳහා මෙම පත්වීම් ප්‍රදානය කරන බව මහින්ද එස්.වීරසූරිය මහතා සඳහන් කරයි.
     
    මෙලෙස තෝරාපත්කර ගත් උපාධිධාරීන්ගේ නාම ලේඛනය www.moe.sg.gov.lk යන වෙබ් අඩවියේ පල කර ඇති බව හෙතෙම වැඩිඳුරටත් සඳහන් කරයි.
     
     මේ දිනවල පවතින තැපැල් සේවාවේ අර්බුදය හේතුවෙන් අදාල කැඳවීම් ලිපි අදාල උපාධිධාරින් වෙත නොලැබුන ද  එදින (ජූලි 5) රත්නපුර මධ්‍ය පුස්තකාලය වෙත පැමිණෙන ලෙස  මහින්ද  එස්.වීරසූරිය මහතා වැඩිඳුරටත් ඉල්ලා සිටියි.
     
    මෙම පත්වීම් ලිපි ප්‍රදානය පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා, පළාත්  මහ ඇමති මහීපාල හේරත්, පළාත් අධ්‍යාපන ලේකම් භාණු මුණිප්‍රිය සහ ප්‍රධාන ලේකම් හේරත් පී. කුලරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව හෙතෙම වැඩිඳුරටත් සඳහන් කරයි.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya