අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දඹුල්ලේ ඩෙංගු පාලනය කිරීමට හැකි වුණා- මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ

    ජූනි 26, 2017

    මාතලේ දිස්ත්‍රික්කයේ 2016 වර්ෂයේ මැයි මාසයට සාපේක්ෂව 2017 මැයි මාසය වන විට ඩෙංගු රෝගීන් සියයට 400කින් ඉහළ ගොස් ඇති බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ඩී.එම්. විජේකෝන් පැවසීය.

    ගලේවෙල, මාතලේ, උකුවෙල හා රත්තොට යන ප්‍රදේශවල ඩෙංගු අධික කලාප වශයෙන් හදුනාගෙන ඇති අධ්‍යක්ෂවරයා පැවසීය.

    දඹුල්ල නගර සීමා තුළ ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් පැතිර ගියත් දඹුල්ල නගර සභාවේ හා සෞඛ්‍ය අංශවල දැඩි කැපවීම හේතුවෙන් ඩෙංගු වසංගතය සාර්ථකවන පාලනය කිරීමට හැකි වු බවත්, දඹුල්ලේදී අනුගමනය කළ ක්‍රියාමාර්ග අනෙකුත් පළාත් පාලන ආයතනවලටද ආදර්ශයක් ලෙස ගෙන කටයුතු කළ හැකි බවද අධ්‍යක්ෂ වරයා සදහන් කළේය.

    දඹුල්ල නගරයේ ඩෙංගු පාලනය කිරීම සදහා පිරිසිදු කිරීම්, දැනුවත් කිරීම,නීතිමගින් කටයුතු කිරීම හා නගර සභාවේ දැඩි කැපවීම හේතු වු බවත් විජේකෝන් මහතා පැවසීය. මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඩෙංගු වසන්ගතය පාලනය කිරිම සදහා කඩිනමින් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැවැති රැස්වීමේදී මෙම අදහස් පළවිය.

    මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍ය බන්ධුලයාලේගම මහතා ඇතුළු මහජන නියෝජිතයින්ද මාතලේ දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී කුමාරසිරි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක්ද මෙම අවස්ථාවට සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya