අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයෙන් පීඩා විඳින පුත්තලමේ ජනතාවට සහනදීමට කඩිනම් වැඩපිළිවෙලක්

    ජූනි 26, 2017

    නියඟයෙන් පීඩාවට පත් පුත්තලම දිස්ති‍්‍රක්කයේ ජනතාවට අත්‍යාවශ්‍ය සහන ලබා දීමට කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, මේ වන විට නියගයෙන් පුත්තලමේ ලක්‍ෂයකට අධීක පිරිසක් පීඩාවට පත්ව සිටින බවයි.

    නල ළිං සියල්ල සිදී ගොස් ඇති බවත් පිරිසිදු පානීය ජලය සපයා ගැනීම ප‍්‍රදේශයේ ජනතාවට ඉතා අපහසු කටයුත්තක් වී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
    පුත්තලම දිස්ති‍්‍රක් ලේකම් එන්.එම්.බී චිත‍්‍රානන්ද මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    එම ප‍්‍රදේශවල අවශ්‍යතා සොයා බැලීම සඳහා පුත්තලම දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ අධීක්‍ෂණය මත කඩිනම් වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නැගීමටද පියවර ගෙන ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya