අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අස්ගිරි මල්වතු මහනාහිමිවරුන්ගේ මැදිහත්වීම විශිෂ්ටයි

    ජූනි 19, 2017

    ජාතීන් අතර සමගිය හා සංහිදියාව ගොඩනැංවීමේදී අස්ගිරි සහ මල්වතු පාර්ශවවල මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විසින් ලබා දෙන අනුශාසනා සහ මග පෙන්වීම් මෙන්ම ඔවුන් දරණ ස්ථාවරය ඉතා අගය කළ හැකි බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති මහින්ද ඒකනායක මහතා පවසයි.

    ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ අද (19) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදීය. මහනුවර දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය පැහැදිලි කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

    පසුගිය දිනවල මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ජාතීන් අතර අසමගිය පැතිරවීමට අන්තවාදීන් සුළු පිරිසක්  කටයුතු කළ බව පැවසූ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔවුන්ගේ අරමුණ පරාජය කිරීමට හැකිවූ බව මෙහිදී පැවසීය. එසේ කිරීමට පහසුවූයේ අස්ගිරි සහ මල්වතු පාර්ශවල මහනායක ස්වාමීන් වහන්සේලා ඒ සම්බන්ධයෙන් සිටි ස්ථාවරය සහ අපක්ෂපාතිත්වය නිසා බව පෙන්වා දුන් නියෝජ්‍ය පොලිස්පතිවරයා උන්වහන්සේලාගේ අනුශාසනා පරිදි අනෙකුත් විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලාද සංහිදියාව ගොඩනැංවීම සඳහා සැලකිය යුතු මැදිහත්වීමක් සිදු කළ බව පැවසීය.

    බෞද්ධාගමේ මෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ අනිකුත් සෑම ආගමක්ම නියෝජනය කරන ආගමික නායකයන්ද මනා අවබෝධයකින් යුක්තව මෙහිදී කටයුතු කරමින් තම අනුගාමිකයන්ට හොද මග පෙන්වීමක් කළ බවත් මේ නිසා සංහිදියාව කඩ කිරීමට අන්තවාදීන් සුළු පිරිසක් දැරූ ප්‍රයත්නයන් සියල්ල පරාජය කිරීමට හැකිවූ බවද පැවසීය. එමෙන්ම මෙහිදී මහනුවර දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වයද මේ සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය ප්‍රශංසනීය බව පැවසූ ඔහු පොලිසියේ රාජකාරී කටයුතු සාර්ථක කර ගැනීමට එය මනා පිටිවහලක් වූ බවද පෙන්වා දෙන ලදී.

    සාමය සහ සංහිඳියාව කඩ කරමින් ජාතිවාදය ඇවිස්සීමට කටයුතු කරන අන්තවාදීන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව පැවසූ නියෝජ්‍ය පොලිස්පතිවරයා අන්තවාදීන්ට හසු නොවන ලෙස සාමාන්‍ය ජනතාවගෙන් ද ඉල්ලා සිටින ලදී.

    මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන සමජෙ සවිබල ගැන්වීම් හා සුභ සාධන, උඩරට උරුමයන් පිළිබද අමාත්‍ය එස්.බී දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තුව මන්ත්‍රී ලකී ජයවර්ධන යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන් රසක් සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී.හිටිසේකර මහතා ඇතුළු රජයේ නිලධාරීන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya