මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පීඩාවට පත් පාසල් දරුවන්ට නිල ඇඳුම්, පෙළ පොත් ඇතුළත් සහන පැකේජ

    ජූනි 11, 2017
    ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නැවත යථාතත්වයට පත්කරගැනීම වෙනුවෙන් විශේෂ සහන පැකේජයක් ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පසුගිය දා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.
     
    ඒ අනුව, එක් සිසුවෙකුට රුපියල් 10,000කට ආසන්න වටිනාකමින් යුත් ද්‍රව්‍ය ඇතුළත් සහන පැකේජයක් බැගින් පීඩාවට පත් සියලු දරුවන් වෙත ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.
     
    ජාතික පාසල් සහ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතන අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ මෙම වැඩපිළිවෙළ සඳහා එක් ව ඇත. ඒ අනුව, පසුගිය බදාදා දින සිට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත දිවයින පුරා ජාතික පාසල් රැසක් පාසල් මට්ටමින් එක් රැස් කළ ද්‍රව්‍යමය ආධාර අධ්‍යාපන අමාත්‍යාංශයට ගෙනැවිත් භාරදෙනු ලැබීය.
     
    මෙම සහනාධාර විධිමත්ව වර්ගකර, නිසි පරිදි බෙදාහැරීම සඳහා යලි ඇසුරුම් කිරීමේ කටයුතුවල අවසන් අදියර මේ වනවිට ක්‍රියාත්මකයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය මෙන්ම පාසල් සිසුන්ගේ ද සහභාගීත්වයෙන් මෙම ඇසුරුම් කටයුතු මේ වනවිට කඩිනමින් ක්‍රියාත්මකව පවතී.
     
    අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දරුවන්ට ලබාදෙන සහන පැකේජයට නිල ඇඳුම් රෙදි කට්ටල 03ක්, සපත්තු වවුචරයක්, පෙළ පොත් සහ අභ්‍යාස පොත් ඇතුළත් වේ. මේ හා සමගාමීව ජාතික පාසල් විසින් සහ ව්‍යාපාරික ආයතන විසින් පාසල් දරුවන්ට අත්‍යවශ්‍ය වන පාසල් බෑග්, කෑම පෙට්ටි, වතුර බෝතල්, ඇඳුම් පැළඳුම්, අභ්‍යාස පොත්, සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළු ද්‍රව්‍යමය ආධාර රැසක් ද ලබා දී ඇති අතර, එම ද්‍රව්‍ය ද මෙම සහන පැකේජයට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
     
    ඉදිරි සති කිහිපය තුළ ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පාසල් දරුවන් වෙත මෙම ද්‍රව්‍ය බෙදාහැරීමට සැලසුම් කර තිබේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya