සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පොල් වගාකිරීමේ වැඩසටහන සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය

    ජූනි 10, 2017

    පොල් වගාව බහුලව දක්නට නොමැති යාපනය, කිලිනොච්චි, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කයන්හි පොල් වගාව ව්‍යාප්ත කිරීමේ අරමුණින් පොල් වගාකිරීමේ මණ්ඩලය (CCB) විසින් යුද්ධ හමුදාවේ සහය ලබාගැනීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාමහතාගෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ඒ සඳහා අවශ්‍ය සහය ලබාදෙන ලෙස යාපනය, වන්නි, කිලිනොච්චි, මුලතිව් සහ නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයන් වෙත උපදෙස් ලබාදෙන ලදී.

    ඒ අනුව, යුද්ධ හමුදා කෘෂීකර්ම හා පශූ සම්පත් අධ්‍යක්ෂක මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් උතුරු හා නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයන් නියෝජනය වන පරිදි යුද්ධ හමුදා නිලධාරින් 24 දෙනෙකු සඳහා ජුනි මස 1 සිට 5 දින දක්වා දින 5 ක නේවාසික වැඩමුළුවක් වාරියපොළ පිහිටි පොල් වගාකිරීමේ මණ්ඩලයේ වයඹ පුහුණු ආයතනයේ දී පවත්වනු ලැබීය.

    යුද්ධ හමුදාධිපතිවරයාගේ උපදෙස් මත කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් පොල් වගා කිරීමේ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් මෙම පුහුණු වැඩසටහන පැවැත්වුහ.

    SL Army

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya