මෙම අවස්ථාවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක් ද, නාවික ස්ථානගත කිරීම අකුරේගොඩ නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරි කපිතාන් ධම්මික උඩුගම මහතා ඇතුළු නිලධාරින් පිරිසක් ද පැමිණි අතර නාවිකයන් 57 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම ඇළ මාර්ගය පිරිසිදු කිරීමේ කටයුතු සඳහා සහභාගි වී සිටියහ.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත පසුගිය ජූනි 1 වන දින ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ එක්ස්කැවේටර් යන්ත්‍රයක් සහ නාවික හමුදා ට්‍රැක්ටර් එකක් සහ ට්‍රක් රථ 2 ක් යොදාගෙන තිබිණි.
SLNavy