සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රැකියා පොළ හෙට මහනුවරදී

    ජූනි 09, 2017

    වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරන රැකියා දස ලක්ෂයක් ලබාදීමේ වැඩසටහන යටතේ දේශීය සහ විදේශීය වෙළඳපොළ ඉලක්ක කරගත් රැකියා ලබාදීමේ අරමුණින් මෙහෙයවන තුන්වැනි රැකියා වෙළෙඳපොළ මහනුවරදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    ඒ අනුව හෙට (10) දින පෙ.ව. 9.00 ට මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ප්‍රධාන ශාලාවේදී සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැකියා පොළේ සමාරම්භක අවස්ථාව පැවැත්වීමට නියමිතය.

    මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන ආයතනවල පවතින පුරප්පාඩු සඳහා පුහුණු නුපුහුණු අංශ දෙක යටතේම බඳවා ගැනීම් සිදු කිරීමට නියමිතය.

    පාසල් හැර ගොස් සිටින සහ සුදුසු රැකියා අපේක්ෂාවෙන් පසුවන සියලු රැකියා විරහිත තරුණ තරුණියන්ටම මෙම අවස්ථාව සඳහා සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර අමාත්‍යංශය මඟින් ඇරයුම් කර සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya