සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොසොන් උදානය නිමිත්තෙන් පොළොන්නරුවේ වැඩසටහන් රැසක්

    ජූනි 07, 2017
    අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළ අසිරිමත් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය සමරමින් බෞද්ධාගමික වැඩසටහන් රැසක් ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජූනි 08,09 සහ 10 තෙදින පුරා පොළොන්නරුවේ දී පැවැත්වෙයි.
     
    පොළොන්නරුව බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන බණ්ඩාරනායක- සේනානායක පොසොන් මහා බත් දන්සල 57 වන වරටත් ජූනි 08,09 දෙදින පුරා පොළොන්නරුව පරාක‍්‍රම සමුද්‍රය අසළදී පැවැත්වෙන අතර එය මහජනතාව වෙනුවෙන් විවෘත කෙරෙන්නේ ද ජනාධිපතිතුමා අතිනි.
     
    පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ඓතිහාසික සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට පොළොන්නරුවට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් උදෙසා පොළොන්නරුව බෞද්ධ සංගමයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි වාර්ෂිකව මෙම බත් දන්සැල සංවිධානය කෙරේ.
     
    මේ අතර සෑම පුන් පොහෝ දිනකම දිවයිනේ ප‍්‍රධාන විහාරස්ථානයක් කේන්ද්‍ර කර ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන, සදහම් යාත‍්‍රා, ධර්ම දේශනා මාලාවේ පොසොන් පොහෝ දින වැඩසටහන මෙවර පැවැත්වෙන්නේ ද මැදිරිගිරිය වටදාගෙය කේන්ද්‍ර කර ගනිමිනි.
     
    දේශයේ අසිරිමත් පොසොන් පූජෝපහාරය , පුලතිසි පොසොන් උදානය, වැඩසටහන  08,09 සහ 10 තෙදින පුරා පොළොන්නරුව ඓතිහාසික ගල් විහාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර නෙල්ලිගල රාජ මහා විහාරස්ථානයේ සිට වැඩම කරවා එහි තැන්පත් කර ඇති සර්වඥ ධාතුන් වහන්සේ ජනතා වන්දනාමානය සඳහා විවෘත කිරීම පොසොන් පොහෝ දින ප.ව 2.00 ට ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරේ.
     
    ගරුතර මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි ජනාධිපතිතුමාගේ පූර්ණ මගපෙන්වීම යටතේ පුලතිසිපුර ඒකාලෝක කරමින් පැවැත්වෙන පුලතිසි පොසොන් උදානය වැඩසටහන හා සමගාමීව ත්‍රිවිධ හමුදාවේ, සිවිල් ආරක්ෂක බලකායේ සහ පොලිසිය ඇතුළු ආයතන විසින් නිර්මාණය කරනු ලබන විශාල ප‍්‍රමාණයේ පහන් කූඩු 75 කට ආසන්න ප‍්‍රමාණයක් සහිත පොසොන් කලාපයක් සහ බැති ගී ප‍්‍රසංගයක් ද පැවැත්වේ. 
     
    පොළොන්නරුව ඓතිහාසික පොසොන් මහා පෙරහැර ජූනි 09 වන දින රාත්‍රී 7.00 ට ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඓතිහාසික වටදාගෙය අසලින් ආරම්භ කෙරේ. පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය පණ්ඩිත වෙඩරුවේ උපාලි නායක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝයා වහන්සේලාගේ අනුශාසකත්වයෙන් හා දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන, පුලතිසි ගොවි ජනතාව, ස්වේච්ඡා සංවිධාන හා ව්‍යාපාරික ප‍්‍රජාවගේ පූර්ණ දායකත්වයෙන් වාර්ෂිකව මෙම පෙරහැර සංවිධානය කරනු ලබයි. 
     
    පොසොන් උදානයත් සමග ආමිස පූජාවට මුල් තැන දෙමින් රටට සහ ජනතාවට ආශිර්වාද පළ කරමින් මෙම සියලු ආගමික වැඩසටහන් සංවිධානය කෙරේ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya