සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුහුදු ඛාදනය වැලැක්වීමට ආරක්ෂිත බැම්මක්

    ජූනි 07, 2017

    කළු ගං මෝය කට හරහා ගොඩබිමට ඇදි එන මුහුදු රළ වැලැක්වීම සඳහා  ආරක්ෂිත බැම්මක් ඉදිකිරිමට තීරණය කර තිබෙන බව කළුතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    වෙරළ සංරක්ෂන දෙපාර්තමේන්තුව විසින් ඉදිරි දින කිහිපය තුළ මෙම ඉදිකිරීම සිදුකරනු ලබයි.

    කළු ගං මෝය කට ආශ්‍රිතව දුම්රිය දෙපාර්තමේන්තුව සතු රක්ෂිත ගොඩබිම් ප්‍රදේශ මේ දිනවල පවතින වාරකන් තත්ත්වය නිසා ඛාදනය වීමට පටන් ගෙන ඇත. මෙම ඛාදනය තවදුරටත් පැතිරීම වැලැක්වීම සඳහා දකුණු කළුතර දුම්රිය ස්ථානය ආශ්‍රිත ගොඩබිම් ප්‍රදේශයේ  මෙම තාවකාලික ආරක්ෂිත බැම්ම ඉදිකෙරේ.

    පසුගියදා ඇතිවු අධික ගංවතුර තත්ත්වය පාලනය කිරිමේ පියවරක් ලෙස කළු ගං මෝය කට පුළුල් කිරීම සිදුවිය. මේ දිනවල පවතින වාරකන් තත්ත්වය නිසා මෝය කට හරහා මුහුදු රළ වේගයෙන් ගොඩබිම දෙසට ගලා ඒමේ තත්ත්වයක් නිර්මාණය වී එම ප්‍රදේශ වේගයෙන් ඛාදනය වෙමින් පවති.

    කෙසේ නමුත් වාරකන් කාලය අවසන්වීමත් සමඟ මෙම සාමාන්‍ය තත්ත්වයට පත්වන බව වාරිමාර්ග ඉංජිනේරුවන්ගේ අදහසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya