සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළමු පැය 72දී 9700කට අධික පිරිසක් බේරාගත්තා - ආපදා ඇමැති

    ජූනි 05, 2017
    පසුගිය දින කිහිපයක් පුරා දිස්ත්‍රික්ක 15කට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය ඇති වී පැය 72ක් තුළ පුද්ගලයන් 9700කට අධික පිරිසක් බේරාගැනීමට කටයුතු කළ බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
     
    ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා මේ බව ප්‍රකාශ කළේ අද (05) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    ආපදාවට මුහුණ පෑ ප්‍ර දේශවල ජනතාව බේරාගැනීම සඳහා 5085කට අධික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පිරිසක් යෙදවූ බවත් නාවික හමුදාවට අයත් කණ්ඩායම් 120ක් සමගින් ජීවිතාරක්ෂක බෝට්ටු 120ක් ද යොදවා ඇත. එමෙන් ම ගුවන් හමුදාවට අයත් ගුවන් යානා 15කට ආසන්න ප්‍රමාණයක් යොදවා ඇති අතර එමගින් ගුවන් පැය 211.4ක් වැය කරමින් ගුවන් වාර 270ක් සිදු කොට ඇත. මීට අමතර ම එම ප්‍රදේශවල රාජ්‍ය නිලධාරීන්ද ආපදා සහන කටයුතු සඳහා යොදවා ඇත.
     
    රජය මෙම සිද්ධියේ දී ක්‍රියාත්මක නොවූ බවට ඇතැමුන් චෝදනා සිදු කළත් ඒවායේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව පෙන්වාදෙන අමාත්‍යවරයා එසේ රජය සහභාගිත්වයක් නොවුණි නම් මීට වඩා හානියක් සිදු වීමට ඉඩ තිබූ බවද පෙන්වා දුනි. එමෙන් ම මෙවන් අවස්ථාවකදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තනිව නොව සෙසු රාජ්‍ය ආයතන ගණනාවක් හා සහ සම්බන්ධවෙමින් අදාළ කටයුතු සිදු කරන බවත් පැවසීය.
     
    ආපදාවක් සිදු වී විට යම් සැලසුමකට අනුව ක්‍රියාත්මක වන බවත් එම සැලසුම තවදුරටත් වර්ධනය කරගැනීම සිදු කර ගත යුතු යැයි ද පැවසූ අමාත්‍යවරයා ආපදා තත්ත්වය හමුවේ සමස්ත රාජ්‍ය සේවයම ප්‍රශංසනීය වැඩකොටසක් සිදු කොට ඇතැයි ද පෙන්වා දුන්නේය. ආසියානු සංවර්ධන අරමුදල හරහා මෙවන් අවස්ථාවකදී ජනතාව රඳවාතබාගැනීම වෙනුවෙන් මධ්‍යස්ථාන 03ක් කෑගල්ල, බදුල්ල හා ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ඉදිකරමින් පවතින බවත් පෙන්වා දුනි.
     
    ආපදා කටයුතු සඳහා රුපියල් මිලියන 500කට වැඩි මුදලක් වෙන් කොට ඇතැයි ද පෙන්වාදුන් අමාත්‍යවරයා ආපදා මුදල් හා උපකරණ ලබාදීමේ දී මෙවර අන් අවස්ථාවන්වලට වඩා කෙටි කාලයක් තුළ දී ලබාදුන් බවත් එවැන්නක් සිදු වූයේ ප්‍රථම වරට බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya