සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයගම, රෝහල, ප්‍රාදේශීය සභාව සහ පොලීසිය ආරක්ෂිත ස්ථානයකට

    ජූනි 05, 2017
    නාය යාමට ලක්ව ඇති අයගම නගර මධ්‍යයේ පිහිටි රෝහල ප්‍රාදේශීය සභාව සහ පොලීසිය ආරක්ෂිත ස්ථානයක කඩිනමින්   ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව  සබරගමුව ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා පැවසීය.
     
    ඒ මහතා එසේ පැවසූයේ පසුගිය දා අයගම ගංගාරාම ශ්‍රී මහා විහාරස්ථානයේ පැවති ආපදා කමිටු රැස්වීමේ දීය.
     
    එහිදී  අදහස් දක්වමින් සබරගමුව මහ ඇමතිවරයා පැවසූවේ, අයගම රෝහල, ප්‍රාදේශීය සභාව සහ පොලීසීය දැඩි නායයෑමේ අනතුරකට මුහුණ දී ඇති බවය.
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රධාන අමාත්‍යවරයා පැවසූවේ, මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන අයගම රෝහල, ප්‍රාදේශීය සභා පුස්තකාලයට තාවකාලිකව රැගෙනයාමට පළාත් සභාව කටයුතු කළ බවය. අයගම පොලීසිය මේ වන විට දැනුවත් කර ආරක්ෂීත ස්ථානයක් කරා තාවකාලිකව රැගෙන ගොස් ඇත. අයගම ප්‍රාදේශීය සභාව ද මේ වන විට නායයෑමේ අනතුරකට මුහුණ පා ඇත.
     
    අයගම ප්‍රාදේශීය සභාව සතු, නායයෑමේ සහ ගංවතුර අවදානමෙන් තොර අයගම පොල අසල  ඇති  භූමියට රෝහල සහ ප්‍රාදේශීය සභාව ස්ථිරව රැගෙන යාමට සබරගමුව පළාත් සභාව තීරණය කර ඇත.
     
    අයගම පොලිස් ස්ථානය, සුරක්ෂිත ස්ථානයකට රැගෙන යාමට කටයුතු කරමින් සිටියි.
     
    මෙම අවස්ථාවට අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර, පළාත් අමාත්‍ය රංජිත් බණ්ඩාර සහ පළාත් ප්‍රධාන ලේකම් හේරත් පී. කුලරත්න යන මහත්වරු එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya