මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර ග්‍රාමීය බැංකු සංගමයට නව ගොඩනැගිලි සංකීර්ණයක්

    ජූනි 02, 2014
    රත්නපුර දිස්ත්‍රික් සමුපකාර ග්‍රාමීය බැංකු සංගමයේ නව තෙමහල් ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු පසුගිය දින සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
     
    රත්නපුර දිස්ත්‍රික් සමුපකාර ග්‍රාමීය බැංකු සංගමය එම දිස්ත්‍රික්කයේ විවිධ සේවා සමුපකාර සමිති 13ක් සාමුහිකව එක් වී ගොඩනඟන ලද සමුපකාර මූල්‍ය ආයතනයකි.
     
    මෙම නව තෙමහල් ගොඩනැගිලි සංකීර්ණය සහ අනෙකුත් උපාංග සඳහා රුපියල් ලක්ෂ 1000කට ආසන්න මුදලක් වැය කෙරේ. මෙම ගොඩනැගිලි සංකීර්ණයට නවීන රංගශාලාවක් මෙන්ම සම්මන්ත්‍රණ ශාලාවක් ද භෝජනාගාරයක්ද ඇතුළත් වේ. 
     
    දැනට එම සමුපකාර සංගමය රත්නපුර නව නගරයේ සමුදි නමින් උත්සව ශාලාවක් පවත්වාගෙන යනු ලබයි. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ විවිධ වැඩමුළු සම්මන්ත්‍රණ සඳහා නේවාසික පහසුකම් මෙන් ම මංගල උත්සව සඳහා ද සහනශීලී සේවාවන් ඉන් ලබා දෙයි.
     
    මෙම අවස්ථාවට පළාත් අමාත්‍යවරුන් වන අතුල කුමාර රාහුබද්ද, භාණු මුණිප්‍රිය යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya