මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමන්තුරේ කාර්මික තාක්ෂණ විද්‍යාලයට නව විදුහල්පතිවරයෙක්

    මැයි 31, 2014

    අම්පාර සමන්තුරේ කාර්මික තාක්ෂණ විද්‍යාලයේ නව විදුහල්පති ලෙස එම්.එම්.කේ.එම්.ඒ. හමීඩ් මහතා පසුගියදා වැඩ භාරගන්නා ලදී.


    අවුරුදු 17ක් මෙම කාර්මික තාක්ෂණ විද්‍යාලයේ විදුහල්පති ලෙස සේවය කරන ලද කේ.එල්.ඒ. අසීස් මහතා විශ‍්‍රාම යෑමෙන් පසු මෙම තනතුරට හමීඩ් මහතා පත් කරන ලදී.


    හමීඩ් මහතා තනතුරට පත්වූ පසු කාර්මික විද්‍යාලයේ ශිෂ්‍යයන් සමඟ සාකච්ඡා කරමින් ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳ විමසන ලදී. මීට පෙර ඒ මහතා අම්පාර දිස්ත‍්‍රික්කයේ හාඩි කාර්මික තාක්ෂණ විද්‍යාලයේ වැඩබලන අධ්‍යක්ෂක ලෙස සේවය කර ඇත. මොහුට කාර්මික තාක්ෂණ විද්‍යාල ක්ෂේත‍්‍රයේ අවුරුදු විසිහයක අත්දැකීම් තිබේ.


    වෘත්තීය පුහුණු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්. බාලසුබ‍්‍රනියම් මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.


    WG/ku

    sammanturai tec new principal

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya