මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවිනැගුම පිළිබඳව කුරුණෑගල රාජ්‍ය සේවකයින් දැනුවත් කෙරේ

    මැයි 31, 2014
    දිවිනැගුම වැඩසටහන ඉදිරියේදී ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව එම වැඩසටහනට අදාළ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා කුරුණෑගල නගර ශාලාවේදී පැවැත්විණි.
     

    මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් ආකාරයට 2016දී දරිද්‍රතාව තුරන් කිරීමේ අරමුණින් දිවිනැගුම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත්, 1994 වර්ෂයේ සමෘද්ධි නමින් ආරම්භ කරන ලද මෙම වැඩසටහනට 2014 වන විට වසර 20ක කාලයක් ගත වී ඇති බවත්, වැඩසටහන ආරම්භයේදී තරුණ වයසේදී පත් වූ නිලධාරීන් දැන් අවුරුදු 20ක ප්‍රායෝගික දැනුම සහ පන්නරය ලබා ඇති බැවින් මේ වැඩසටහන සාර්ථකව ඉදිරියට රැගෙන යාමට හැකි බවත් මෙම අවස්ථාවට සහභාගී වූ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා පැවසීය.

     

    මේ වන විට මෙම වැඩසටහන හරහා ණය ලබා දීමට විශාල මුදල් සම්භාරයක් බැංකු හරහා එක්රැස් කරගෙන ඇති බවත්, එම මුදල් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරලීම සඳහා ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් සඳහා යොදා ගත හැකි බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දුන්නේය.
     

    මෙම වැඩසටහන ග්‍රාමීය මට්ටමින් දායකත්වයක් දක්වන ප්‍රාදේශීය ලේකම්වරු, දිවිනැගුම කළමනාකරුවන්, දිවිනැගුම සංවර්ධන නිලධාරීන්, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් යන සෑම පාර්ශවයකම දායකත්වයෙන් ඉතා සාර්ථකව ක්‍රියාත්මක කර ලංකාවේ හොඳම දිස්ත්‍රික්කය බවට කුරුණැගල දිස්ත්‍රික්කය පත් කර ගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා නිලධාරීන්ට එහිදී වැඩිදුරටත් දැනුම් දුන්නේය.


    ECB/AK_dmu_kurunegala

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya