තංගල්ල දිස්ත්‍රික් ධීවර කාර්යාලයේදී ධීවරයන්ට ජීවිත ආරක්ෂක කබා හා දැල් ආම්පන්න ලබාදීමේ අවස්ථාවට සහභාගී වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
බොහෝ ධීවරයන්ට රජය මගිනුත් විවිධ ආයතන මගිනුත් ජීවිත ආරක්ෂක කබා ලබාදී තිබුණත් ඒවා පැළඳගෙන තම රැකියාවේ යෙදෙන බවක් පෙනෙන්නට නොමැති අතර, යම් සිදුවීමක් සිදු වූ විට අවසානයේ රජයට දෝෂාරෝපණය කරන බවත්, ඒ මහතා පවසා සිටියේය.
එම නිසා අනතුරකදී භාවිතා කිරීමට හෝ ආරක්ෂිත කබා ධීවර යාත්‍රාවේ රැගෙන යන ලෙසත්, ධීවර යාත්‍රා ධීවර වරායන් වලින් පිටත්වීමට පෙර ජීවිත ආරක්ෂක කබා ඇත්දැයි සොයා බලන ලෙසත්, මින් ඉදිරියට ජීවිත ආරක්ෂක කබා නොමැති ධීවර යාත්‍රාවලට දියඹට යාමට නොදෙන බවත්, ඒ පිළිබඳව නාවික හමුදාවට, වෙරළ ආරක්ෂක බළකායට, ධීවර දෙපාර්තමේන්තු නිළධාරීන්ට දැනටමත් උපදෙස් ලබාදී ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
මේ සියලු කටයුතු සිදුකරන්නේ ධීවරයා රැක ගැනීමට බැවින්, එවැනි උපදෙස් පිළිපදින ලෙස ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට හම්බන්තොට දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ එස්.චන්දන මහතා ඇතුලු ධීවරයින් රැසක් සහභාගී විය.
AP