නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි වසර පහ තුළ සිදු වන සංවර්ධන ක්‍රියාවලියට මෙරට ජනතාවගේ කැපවීම අවශ්‍යයි - මුදල් ඇමති

    දෙසැම්බර් 13, 2015

    ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාව තුළ සිදු වන සුවිශේෂ සංවර්ධන ක්‍රියාවලියට මෙරට ජනතාවගේ කැපවීම අවශ්‍ය බවත් ඒ සඳහා රජයේ පාර්ශ්වය ද කැප කිරීම් සිදු කරමින් සිටින බවත් රවී කරුණානායක අමාත්‍යවරයා කියා සිටියි. ජනතාව ද අද දිනයේ තමන්ට ලැබෙන වරප්‍රසාදයන්ට වඩා ඉදිරි වසර 5කින් රට තුළ සිදු වන සුවිශේෂී සංවර්ධනය වෙනුවෙන් කැපවිය යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    රට නැංවීමේ දැවැන්ත වැඩපිළිවෙළක් ජනතාව අභිමුව තිබිය දී සුළුතරයක් විසින් නගන චෝදනාවන්ට එරෙහිව ජනතාව පෙළගැසිය යුතු බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ අවස්ථාවේ දී ජනතාව රටේ අනාගතය වෙනුවෙන් සිහි බුද්ධියෙන් කටයුතු කළ යුතු බවයි.  

     

    කොළඹ මහ නගර සභාව ප්‍රතිස්ථාපනය කර වසර 150ක් සම්පූර්ණවීම නිමිත්තෙන් පැරණි ඡායාරූප ඇතුළත් ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට පසුගිය දා (11) පෙරවරුවේ එක්වෙමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා මේ බව පැවැසීය.

     

    ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාලයේ දී විවෘත කෙරිණ.

     

    වසර 150කට පෙර හා ඉන් පසු කොළඹ නගරයේ විවිධ ස්ථානවල දර්ශන ඇතුළත් මෙම ප්‍රදර්ශනය ලබන සඳුදා (14) දා දක්වා පැවැත්වේ.

     

    ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ වැඩි දුරටත්  අදහස් දැක් වූ අමාත්‍යවරයා -

     

    “අද විපක්ෂයේ ඇතැම් බංකොලොත් දේශපාලඥයන් දුම් පරීක්ෂණ ගාස්තු ඉවත් කරන බවට අසත්‍ය ප්‍රචාර කරනවා. රුපියල් 5000 ගාස්තුව ඉවත් කරන්න කිසිදු සූදානමක් නැහැ. ජනතාව මතු කරන්නෙ නැති ප්‍රශ්න මතු කරමින් රජයට බොරු චෝදනා එල්ල කිරීම තමයි ඔවුන්ගේ රාජකාරිය වෙලා තියෙන්නෙ.

    බලන්න දැන් වෛද්‍යවරුන්ගේ පාර්ශ්වයෙන් මතු කරන්න උත්සහ දරන ගැටලුව. රටේ බහුතර වෛද්‍යවරුන් අයවැය යෝජනා වෙනුවෙන් විශාල කැප කිරීමක් කරල රටේ සංවර්ධනය ගැන හිතන්න සූදානම්. නමුත් කලින් පාලනය වෙනුවෙන් තවදුරටත් කටයුතු කරමින් ඉන්න සුළුතර වෛද්‍යවරු පිරිසක් තමයි මේ කටයුත්ත අවුල් කරන්න හදන්නෙ.

    මම ජනමාධ්‍යයෙනුත් ඉල්ලීමක් කරනව රට තුළ වැරදි මතයන්ට ඉඩ දෙන්න එපා කියල. මේ ගමන තනි ගමනක් නොවෙයි. රට ම ඉදිරියට යන ගමනක්. අපි හැමෝට ම වගකීමක් තියෙනවා මේ රටේ දුප්පත්කම නැති කරගෙන ශක්තිමත්ව නැගී සිටින්න. මේ මොහොතේ දී ජනතාව නොමග යවන පාර්ශ්වයන්ගේ ප්‍රචාරයන්ට හසු නොවී රටේ සැබෑ තත්ත්වය පිළිබඳ අවධානය යොමු කර කටයුතු කරන්න කියල. ”

     

    ඡායාරූප ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට කොළඹ පුරපති ඒ.ජේ.එම් මුසම්මිල්, නියෝජ්‍ය පුරපති ටයිටස් පෙරේරා සහ  නාගරික මන්ත්‍රීවරුන් වන අලුත්ගෙදර චමින්ද, තරංග අතුරලිය යන මහත්වරු සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya