නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආබාධ සහිත පුද්ගලයින් රටේ සංවර්ධනයට දායක කරගත යුතුයි

    දෙසැම්බර් 10, 2015

    - මාතලේ දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස්

     

    රටේ දියුණුවට අදාළ සංවර්ධන ක්‍රියාවලියට ආබාධ සහිත පුද්ගලයින්ගේ දායකත්වය ලබා ගත යුතු බවත් මේ සඳහා විවිධ වැඩසටහන් ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක කළයුතු බවත් දිවි නැගුම ව්‍යාපෘතිය යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ ආබාධ සහිත පුද්ගලයින් ව්‍යවසායකයින් කිරිම සඳහා රුපියල් ලක්ෂ 280ක් දැනටමත් ලබා දී ඇති බවත් මාතලේ මහ දිසාපති නීල් ද අල්විස් මහතා පැවසීය.

    දිසාපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ජාත්‍යාන්තර ආබාධිත දිනයට සමගාමීව අඟහරුවාදා (08) දා මාතලේ සංචාරක ප්‍රවර්ධන සංකිර්ණයේ පැවති ආබධ සහිත පුද්ගලයින් විසින් පැවැත් වූ  ‘ද විෂන්  සංගිත ප්‍රසංගය‘ ට සහභාගි වූ අවස්ථාවේ දීය.

     

    ආබාධ සහිත පුද්ගලයින් යනු සමාජයේ වෙනම කොට්ඨාසයක් නොවන බවත් ඔවුන් කිසියම් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් බැවින් අපි ඔවුන් දෙස සානුකම්පිතව බැලිය යුතු බවත් මාතලේ දිස්ත්‍රික්කයේ සිටින ආබාධ සහිත පුද්ගලයින් තමා සමඟ ඔවුන්ගේ ගැටළු සාකච්ඡා කළ ඇති බවත් ඉදිරි කාලයේ දී ඔවුන් වෙනුවෙන් ස්වයං රැකියා ආරම්භ කිරිම සඳහා ණය සහ ආධාර ලබා දිමට කටයුතු කරන බවත් මාතලේ දිස්ත්‍රික්කයේ ආබාධ සහිත පුද්ගලයින්ගේ  සංගිත කණ්ඩායමක් ආරම්භ කිරිමට තමා කටයුතු කරන බවත්   දිසාපතිවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

     

    මෙම අවස්ථාවට මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ඉෂාන් විජේතිලක, මාතලේ ප්‍රාදේශිය ලේකම් කේ.පී.එල්.පී මධුවන්ති යන මහත්ම මහත්මීන් සහ දිස්ත්‍රික්කයේ අබාධ සහිත පුද්ගලයින් රැසක් සහභාගි වූහ. 

     

    dmu_Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya