නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ දිස්ත්‍රික් රාජ්‍ය සේවක පුහුණු මධ්‍යස්ථානයක්

    දෙසැම්බර් 13, 2015

    මාතලේ දිස්ත්‍රික් රාජ්‍ය සේවකයින්ගේ පුහුණු අවශ්‍යතා ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් පුහුණු මධ්‍යස්ථානයක් නොමැති බැවින් මාතලේ දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස් මහතාගේ උපදෙස් පරිදි දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා මුල්ගල තැබිම පසුගිය දා මාතලේ එම් සී පාරේ රාජ්‍ය සේවක නිවාස සංකිර්ණයට යාබද ඉඩමේ දී සිදු කෙරිණි.

    මෙම පුහුණු මධ්‍යස්ථානය මහල් තුනකින් සමන්විතව ඉදි කරන අතර පුහුණු අවශ්‍යතා සඳහා අදාළ වන පරිදි ප්‍රධාන ශ්‍රවණාගාරයක්, කුඩා රැස්වීම් ශාලාවක්, පර්යේෂණාගාරයක් සහ තාක්ෂණික මෙවලම්වලින් සමන්විතව ඉදි කිරිමට නියමිතය. මෙහි මුල් අදියරේ රුපියල් මිලියන 4ක් වැය කරමින් ප්‍රධාන ශ්‍රවණාගාරය සහ වැසිකිලි පද්ධතිය ඉදි කිරිමට නියමිතය.  

     

    දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක් නියෝජනය වන පරිදි රාජ්‍ය සේවකයින් සඳහා පරිගණක, සන්නිවේදනය, කළමණාකරණය, මහජන සම්බන්ධතා ඇතුළු විවිධ විෂයන් යටතේ නිලධාරින් පුහුණු කිරිමට නියමිතය.

     

    SDF/dmu_Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya