නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චෝදනා ගොනු නොකරන ලද එල්.ටී.ටී.ඊ රැඳවියන් නිදහස් කිරීමට අපේක්ෂා කරනවා - ඇමති රාජිත

    දෙසැම්බර් 04, 2015

    මෙවර නිදහස් කරලීමට අපේක්ෂා කර ඇත්තේ වසර ගණනාවක් තිස්සේ රැඳවුම් බාරයේ සිටින නමුත් චෝදනා ගොනු නොකරන ලද හා සුළු සුළු වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබූ එල්.ටී.ටී.ඊ රැඳවියන් පමණක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කළේය.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (03) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් නඟන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙනි.

     

    හිටපු එල්.ටී.ටී.ඊ රැඳවියන් මුදාහැරීම සම්බන්ධයෙන් නඟන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ 2010 වසරේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ යුගයේ මීට වඩා ප්‍රබල චෝදනා පැවති එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 95 දෙනෙකු නිදහස් කරලීමට කටයුතු කර ඇති බවයි.

     

    මෙවර නිදහස් කරලීමට අපේක්ෂා කර ඇති බොහෝ රැඳවියන් අවුරුදු 10ක් පමණ තිස්සේ කිසිඳු චෝදනාවක් ගොනු නොකළ අය මෙන්ම ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු වූ පසු ඒ අවට සිට අත්අඩංගුවට ගත් පුදගලයන් බව ද ඒ මහතා තවදුරටත් කරුණු පැහැදිලි කළේය.

     

    එසේම මොවුන් සම්බන්ධයෙන් වැරදි ඇත්නම් චෝදනා ගොනුකිරීමට කාල පරිච්ඡේදයක් ලබා දීමට නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බවත්, එසේ චෝදනා ගොනු කරනු නොලැබුවහොත් ඔවුන් නිදහස් කිරීමට සිදුවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya