නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය ජනතාවගේ එළවළු පරිභෝජනය වැඩි කිරීමේ සැලසුමක්

    දෙසැම්බර් 03, 2015
    එළවළු වගා කරන ප්‍රධාන දිස්ත්‍රික්කයක් ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කය හදුන්වා දුන්නද එහි වෙසෙන  ජනතාවගේ එළවළු පරිභෝජනය ඉතාමත් අඩු මට්ටමක පවතින බවත්, එය වැඩිකිරීමට දැනුවත් කිරිමේ වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හේලන් මීගස්මුල්ල මහත්මිය පැවසීය.
    නුවරඑළිය දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට එක්වෙමින් අද  දිස්ත්‍රික් ලේකම් හේලන් මීගස්මුල්ල මහත්මිය මෙම අදහස්  පැවසීය.
     
    දිස්ත්‍රික් ලේකම් තුමිය තවදුරටත් අදහස් දක්වමින්  සදහන් කලේ සෞඛ්‍ය සම්පන්නව සිටිමට එක් පුද්ගලයකු දිනකට එළවළු ග්‍රෑම් 400 ක් පරිභෝජනය කළ යුතු බවය.
     
    අතිරේක දිස්ත්‍රික් ලේකම් මල්ලිකා අමරසේකර, අතිරේක දිස්ත්‍රික් ලේකම් පි.ඒ. සරත්චන්ද්‍ර යන මහත්ම මහත්මින් ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ ගොවි සංවිධාන නියෝජිතයින් රැසකගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
     
    AP/DMU-Nuwaraeliya
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya