ඔක්.15 වන දිනට යෙදෙන ජාතික උපදේශන දිනයට සමගාමීව මෙම වැඩ මුළුව සංවිධානය කර ඇත. මෙම රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ මනෝ විද්‍යාත්මක උපදේශන වැඩමුළුවේදී "නිරෝගීමත් පෞරුෂයක් ගොඩ නැගීම" යන මාතෘකාව ඔස්සේ මහනුවර මහ රෝහලේ ජ්‍යෙෂ්ඨ උපදේශක මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා විසින් විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතය.
මෙම වැඩමුළුවට ගම්පහ් අතිරේක දිස්ත්‍රික් ලේකම් අසන්ත ගුණසේකර ,සහකාර දිස්ත්‍රික් ලේකම් ඩබ්.පී.පී.ඉන්දික යන මහත්වරුන්, ප්‍රාදේශීය ලේකම් වරුන් ඇතුළු නිලධාරීන් 150 ක් පමණ සහභාගි වේ.
AP/DMU-Gampha