ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සමන්ති බුලත්සිංහල මහත්මියගේ මගපෙන්වීම මත පලාලි ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරීතුමාගේ මෙහෙයවීමෙන් මෙම ප‍්‍රජා සත්කාර වැඩසටහන දියත් කරන ලදී.
පලාලි ප‍්‍රදේශයේ හඳුනාගත් අඩු පහසුකම් වලින් සමන්විත පාසල් දෙකක් වන කුඩ්ඩියාපුලම් මහා විද්‍යාලය සහ පෙන්තලේ කඩ්ඩුවාන් මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් 150 දෙනෙකු වෙත පාසල් පාවහන් සහ පාසල් උපකරණ බෙදා දීම සිදු කරන ලදී.
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් කිහිප දෙනෙකු, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය, පලාලි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් හර්ෂ නානායක්කාර, පලාලි ගුවන් හමුදා කඳවුරේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී වත්සලා නානායක්කාර මහත්මිය, ගුවන් හමුදා නිලධාරීනන්, සෙසු නිලයන්, දෙමව්පියන් ඇතුළු රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.