මෙහිදී, බස්නාහිර පළාතේ ශිෂ්‍යත්වලාභීන් 860දෙනෙක් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමට නියමිතය.
මෙම ශිෂ්‍යත්ව සඳහා කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත‍්‍රික්ක වල ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගත වූ විගමනික දෙමාපියන්ගේ දූ දරුවන් සුදුසුකම් ලබා ඇත. ඒ අනුව, පහ වසර ශිෂ්‍යත්ව ලාභීන් 348දෙනෙකු හා අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දරුවන් 421දෙනෙකු හා අ.පො.ස උසස් පෙළ සමත් වී විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන දූ දරුවන් 91දෙනෙකුට ද මෙම ශිෂ්‍යත්ව පිරිනැමේ. මෙම ශිෂ්‍යත්ව වල, මුළු වටිනාකම රුපියල් එක් කෝටි හැටතුන් ලක්ෂ හැත්තෑ දහසකි.
පහවසර සිසුන් සඳහා ලබාදෙන එක් ශිෂ්‍යයත්වයක වටිනාකම රු.15,000 වන අතර සාමාන්‍ය පෙළ ශිෂ්‍යත්වයක වටිනාකම රු.20,000කි. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන් වෙනුවෙන් පිරිනමන ශිෂ්‍යත්වයක වටිනාකම රු.30,000කි.
2015 වර්ශයේ ශිෂ්‍යත්ව වැඩසටහනට අනුව, බස්නාහිර පළාත ද ඇතුළුව, ජාතික වශයෙන් පිරිනමන මුළු ශිෂ්‍යත්ව ප‍්‍රමාණය 3,351 කි. 2014 වර්ෂයේ පහ වසර ශිෂ්‍යත්වය සමත් දූ දරුවන් 1,748 දෙනෙකු හා අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දූ දරුවන් 1,327 දෙනෙකු හා අ.පො.ස උසස් පෙළ සමත් වී විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන් 276 දෙනෙකු වෙනුවෙන් රුපියල් 61,040,000.00 ක් හෙවත් මිලියන 61 ක් වටිනා ශිෂ්‍යත්ව, ඒ අනුව පිරිනැමීමට නියමිතය.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් 1996 දී මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කර ඇත. ඒ අනුව 1996 සිට 2014 දක්වා ශිෂ්‍යත්ව 29,006 ක් වෙනුවෙන් රු.528, 685, 000 .00 ක් හෙවත් මිලියන 528ක් වැය කර තිබේ.