මාතලේ දිස්ත්‍රික්කය තුළ ද මෙම තත්වය දක්නට ලැබෙන බවත් මාතලේ ව්‍යවසායකයින් ජාතික තලය දක්වා ගොස් තිබෙන බව සදහන් කළ දිස්ත්‍රික් ලේකම්වරයා දැනට මෙම ව්‍යවසායකින්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනිම සදහා නගරය තුළ සුදුසු ස්ථානයක් නොමැති විම ගැටළුවක්ව පවතින බැවින් ඒ සදහා ඉතා කඩිනමින් සුදුසු ස්ථානයක් තෝරා ගෙන අලෙවි මධ්‍යස්ථානයක් පිහිටු විමට කටයුතු කරන බව ද පැවසීය.
දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් ප්‍රකාශ කළේ පසුගියදා මාතලේ දිස්ත්‍රික්යේ දිවිනැගුම ව්‍යවසායකයින්ගේ දා බිදු මුතු නම් අලෙවි ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.
වැඩි දුරටත් කතා කළ දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ දිස්ත්‍රික්කයේ සිටින සියලු ව්‍යාපාරිකයින්ගේ දත්ත පද්ධතියක් සකස් කරන බවත් ඒ අනුව ඔවුන්ගේ අවශ්‍යතා හදුනා ගෙන අලෙවි පහසුකම්, තාක්ෂණ , උපදෙස් සහ ණය ආධාර ලබා දිමට පියවර ගන්නා බවයි.
මෙම අවස්ථාව ඇමතු දිස්ත්‍රික් දිවිනැගුම අධ්යක්ෂ කේ.ඩි. වික්‍රමසූරිය මහතා සදහන් කළේ දිවිනැගුම ජීවනෝපාය සංවර්ධන ව්‍යපෘති සදහා මෙම වසරේදී රුපියල් මිලියන 08 මුදල් ලැබී ඇති බවයි. මෙම මුදල් ප්‍රයෝජනයට ගෙන ව්‍යාපාරිකයින්ට අවශ්‍ය පහසුකම් සපයා දෙන බව ද ඒ මහතා පැවසීය.
මෙම වෙළද ප්‍රදර්ශනය සදහා මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 11 ක දිවිනැගුම ප්‍රජාමූල බැංකු සහ සංවිධානවල සම්බන්ධීකරණයෙන් ව්‍යාවසායකයින් 200 ක් පමණ සහභාගි විය.
AP/DMU-Matale