පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන එතුමා, මීට ඉහතදී විද්‍යා හා තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය ධුරය දරමින් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියට මහඟු සේවාවක් ඉටුකරන ලදී.
හලාවත ශාන්ත මරියා විද්‍යාලයේ, විදුහල්පති ධුරය ද, රාජ්‍ය පොස්පේට් සමාගමේ විධායක අධ්‍යක්ෂක ධුරය ද දැරූ අතර, මෙම අධිකාරියේ සභාපති තනතුරට පත්වීමට පෙර දීර්ඝ කාලයක් රබර් පර්යේෂණ ආයතනයේ සභාපති ධුරය ද හොබවා ඇත.
අභිනව සභාපතිතුමන්ගේ වැඩ භාරගැනීමේ අවස්ථාවට නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ පාලනය වන නිපුණතා සංවර්ධන අරමුදලේ වර්තමාන සභාපති, එච්.ඒ. විමලසූරිය මහතා, නයිටා ආයතනයේ උප සභාපති ආචාර්ය චානක අතුකෝරළ මහතා සහ අධ්‍යක්ෂ ජනරාල්, ඉංජිනේරු ප්‍රදීපා උදාකර මහත්මිය ඇතුළු නයිටා කාර්ය මණ්ඩලය සහභාගි වූහ.