නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෑම ආයතනයකටම බලශක්ති කළමනාකරුවන් පත්කිරීමට පියවර

    නොවැම්බර් 26, 2015

    ආයතන මට්ටමෙන් විදුලිබල සංරක්ෂණය සිදුකිරීම සඳහා ඉදිරියේදී සෑම ආයතනයක් සඳහාම බලශක්ති කළමනාකරුවෙක් පත්කිරීමට පියවර ගන්නා බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    ඒ මහතා මෙම අදහස් පළකළේ පසුගියදා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ පැවති නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමිනි.

    මේ වනවිට 98%ක් සඳහා විදුලිය සපයා තිබෙන බවත් එසේම ඉදිරි මාස කිහිපය තුළ සමස්ත ලංකාවම විදුලියෙන් ඒකාලෝක කිරීමට සැලසුම් සකස් කරමින් පවතින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඒ අනුව දෛනිකව ඉහළ යන විදුලිබල ඉල්ලුම සපුරාලීම වෙනුවෙන් පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් වෙත අනුගත වීම වගේම බලශක්ති සංරක්ෂණය වෙත යොමුවීමත් ඉතාමත් වැදගත් වන බවයි.

    මෙහිදී සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් සමඟ සාකච්ඡාවකට සහභාගි වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා, ඉදිරියේදී ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘතීන් පිළිබඳව අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    වැඩිදුරටත් අදහස් දැක්වමින් අමාත්‍ය සියඹලාපිටිය මහතා මෙසේ පැවසීය.

    "වැඩිවන විදුලි ඉල්ලුමට සරිලන සැපයුමක් වෙනුවෙන් අළුතෙන් බලාගාර ස්ථාපිත කරනවා වගේම, උත්පාදනය කරන විදුලිය සම්පේ‍්‍රෂණයේදී, බෙදාහැරීමේදී මෙන්ම පරිභෝජනයේදීද සංරක්ෂණය කළ යුතුයි. ඒ සඳහා ජනතාව දැනුවත් කිරීමේ සහ පෙළඹවීමේ ක‍්‍රියාමාර්ගයන් අනුගමනය කළ යුතුයි. මේ වනවිට ආසියාවේ 24 පැයම අඛණ්ඩව විදුලිය සපයන එකම රට බවට ශ‍්‍රී ලංකාව පත්වෙලා තියෙනවා. ඒ වගේම ඉදිරියේදී සමස්ත රටටම අඛණ්ඩව මෙන්ම ගුණාත්මක විදුලි සැපයුමක් අවම මිලක් යටතේ සපයන එකම රට බවට ශ‍්‍රී ලංකාව පත්කිරීමට බලශක්ති සංරක්ෂණය තුළින් පියවර ගතයුතු" යැයි පැවසීය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya