නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔක්තෝබර් මාසයේ වාර්ෂික උද්ධමන අනුපාතය 3.0%ක්

    නොවැම්බර් 24, 2015

    ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ ඔක්තෝබර් මාසය සඳහා වාර්ෂික උද්ධමන අනුපාතය 3.0% ක් වන අතර සැප්තැම්බර් මාසය සඳහා වාර්ෂික උද්ධමන අගය 1.9 % ක් වන බවය.

    2015 ඔක්තෝබර් මාසයේ දර්ශක අගය සැප්තැම්බර් මාස‍යේ දර්ශක අගය (108.4) හා  සංසන්දනය කල විට 0.8 පමණ දර්ශකාංක  වැඩිවීමක් හා ප්‍රතිශතයක් ලෙස 0.74 ක වැඩිවීමක් පෙන්නුම් කරයි. මේ සඳහා ආහාර කාණ්ඩයේ මිල ගණන් වල  0.63 % ක  වැඩිවීම සහ ආහාර නොවන කාණ්ඩයේ 0.11 % ක වැඩිවීම පිළිවෙලින් බලපා ඇත.

     

    ජාතික පාරිභෝගික මිල දර්ශකය සඳහා සෑම දිස්ත්‍රික්කයකම ප්‍රධාන නගරයේ මිල රැස් කරන  මධ්‍යස්ථාන 3 කින් භාණ්ඩ පැස සඳහා මිල ගණන් එකතු කරනු ලැබේ. නව ජාතික පාරිභෝගික මිල දර්ශකය (පදනම 2013=100) සඳහා වන බර තැබීමේ ව්‍යුහය 2012/13 වර්ෂ වලදී සිදු කරන ලද ගෘහ ඒකක ආදායම් වියදම් සමීක්ෂණයෙන් ලබා ගන්නා ලද දත්ත මත පදනම් වේ. ජාත්‍යන්තර සම්මත ක්‍රමවේදයන්ට අනුව නව පාරිභෝගික මිල දර්ශකය එනම් ජාතික පාරිභෝගික මිල දර්ශකය සකස් කිරීමේදී ශ්‍රී ලංකාවේ පළාත් න‍වයම ආවරණය වන පරිදි මිල ගණන් රැස් කෙරේ.

     

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කල නවතම පාරිභෝගික මිල දර්ශකය ජාතික පාරිභෝගික මිල දර්ශකය වන අතර එය 2015 නොවැම්බර් මස සිට මාසිකව අදාල ලිත් මාසය අවසන් වී දින 21 කට පසු ප්‍රකාශයට පත් කරනු ලැබේ. ඊට අමතරව 2011 ජුලි මස සිට කොළඔ දිස්ත්‍රික් නාගරික ප්‍රදේශ ආවරණය වන පරිදි 2006/07 පදනම් වර්ෂය ලෙස සලකා කොළඹ පාරිභෝගික මිල දර්ශකය ද දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කරනු ලබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya