නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015-2016 සඳහා ජලභීතිකා රෝග එන්නත් වඩි 450,000ක්

    නොවැම්බර් 22, 2015

    2020 වර්ෂය වන විට සුනඛයන් මඟින් වැළඳෙන ජලභීතිකාව මෙරටින් මුලිනුපුටා දැමීමේ ඉලක්කය ඇතිව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපා‍ර්තමේන්තුව විසින් දියත් කිරීමට සැලසුම් කර ඇති වැඩසටහනක් සඳහා ඉතා ඉහළ ප්‍රමිතියකින් යුත් ජලභීතිකා එන්නත් වඩි 450,000ක් මිල දී ගැනීමට රජය තීරණය කර ඇත.

    ඒ අනුව, ජලභීතිකා එන්නත් වඩි මිලදී ගැනීම සඳහා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

     

    ජලභීතිකා රෝගය 100%ක් මාරාන්තික වුවද වළක්වා ගත හැකි රෝගයකි.

     

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛන අනුව ජලභීතිකා රෝගය වැළඳීමෙන් ලොව පුරා වාර්ෂිකව 55,000ක් පමණ මරණයට පත් වන අතර, එවන් මරණවලින් 95%කට අධික ප්‍රමාණයකට හේතු වී ඇත්තේ ජලභීතිකාව සහිත සුනඛයන් සපාකෑමයි.

     

    ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සුනඛ ගහණයෙන් 70%ක් එන්නත් කරනු ලැබුවහොත් මාස තුනක් (03) වැනි කෙටි කාලයක් තුළ ජලභීතිකා රෝගය මුලිනුපුටා දැමීමට හැකියාව තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya