නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වකුගඩු රෝගීන්ට විශේෂිත වූ ප්‍රතිකාර ඒකක ඉදි කිරීමට රුපියල් මි. 4,263ක්

    නොවැම්බර් 22, 2015

    රුපියල් මිලියන 4,263ක පිරිවැයකින් හේතු හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගීන් සඳහා විශේෂිත වූ ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය වකුගඩු ඒකක ඉදි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

    එම රෝගී තත්ත්වය බහුලව පවතින ප්‍රදේශවල රෝගීන් පෙර හඳුනා ගැනීමේ කටයුතු සඳහා ප්‍රමාණවත් පහසුකම්, රුධිර කාන්දුකරණ පහසුකම් සහ වකුගඩු බද්ධ කිරීමේ පහසුකම් සහිතව, 2016 - 2018 ඉදිරි වර්ෂ තුන තුළදී රෝහල් 5ක වකුගඩු ඒකක ඉදි කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.

     

    ඒ අනුව යාපනය ශික්ෂණ රෝහල, බදුල්ල පළාත් මහ රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල සහ හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල තුළ මෙම වකුගඩු ඒකක ඉදි කිරීමට නියමිතය.

     

    හේතු හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය වර්තමාන සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන විශාලතම අභියෝගය ලෙස සැලකේ.

     

    මේ වන විට රට පුරා වාර්තාගත වී ඇති රෝගීන් සංඛ්‍යාව 26,470ක් පමණ වන අතර, අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, බදුල්ල, මාතලේ, ත්‍රිකුණාමලය, අම්පාර හා මුලතිව් වැනි දිස්ත්‍රික්කවලින් රෝගීන් වැඩි පිරිසක් වාර්තා වී ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya