එහිදී ගම්පහ දිස්ත්රික් ජයග්රහකයින් 180 දෙදෙනා සඳහා නිවසක් තනා ගැනීම සඳහා රුපියල් 150,000 බැගින් රුපියල් මිලියන 27ක් වටිනා චෙක්පත් ප්රදානය කිරීම මෙහිදී සිදු වේ.
එහිදී චෙක්පත් ප්රධානට සමගාමීව 2015 දිස්ත්රික් සමාජ සංවර්ධන වැඩ සටහන යටතේ ‘දිරිය පියස’ නිවාස සඳහා සංකේතාත්මක චෙක්පත් ප්රදානයක් සිදු කිරීමට ද නියමිතව තිබේ.
2015 වර්ෂයේදී අලුත් අවුරුදු ගනුදෙනු සම්බන්ධව දිස්ත්රික්කයේ හොඳම නිලධාරීන් ඇගයීමක් ද, 2015 ජාතික දුම්වැටි දිනයට සමගාමීව පැවති කොඩි අලෙවී වැඩසටහනින් ජයග්රහණය කළ නිලධාරීන් ඇගයීම ද එහිදී සිදු කිරීමට නියමිතය.
KPM_DMU_Gampaha
මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්රක් ලේකම් සුනිල් ජයලත්, දිවි නැගුම අධක්ෂ ජනරාල් ධම්මික ගුණවර්ධන, ගම්පහ දිස්ත්රික් දිවි නැගුම අධක්ෂ කේ. අයේෂ් එම් පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිය.