නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සැබෑ මාධ්‍ය නිදහසක් අද පවතිනවා- රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක

    නොවැම්බර් 18, 2015


    සැබෑ මාධ්‍ය නිදහසක් වර්තමානයේදී ශ්‍රී ලංකාව තුළ පවතින බව වාරිමාර්ග හා ජල කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසූවේ, පොලොන්නරුව, ඔහඳ ගම, කලිංග ඇළ ප්‍රදේශයේ අද (18) පැවති ජන හමුවකට එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත සේනානායක මහතා,

    "අපි රජයක් හැටියට පත් වෙලා මාස ගණනාවක් ගියා ඒ වුනත් සමහරු හිතනවා තවම කිසිම වැඩක් කරලා නෑ කියලා. නමුත් පත් වුණු නව රජයක් වැඩ කරන්නේ ඒ මැති ඇමතිවරුන්ට අයවැයෙන් මුදල් වෙන් කලාට පස්සේ දැන් අපේ අයවැය මේ මාසේ තියෙනවා. ඒ අයවැයෙන් පස්සේ අපේ රජයේ වැඩ කටයුතු මොනවද කියලා රටට තහවුරු වෙයි. රජයේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා ජනතාවට දැන ගන්න ලැබෙයි."

    මේ සුළු කාලයේදී විශාල දේශපාලන වෙනසක් සිදු වී තිබෙන බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා එදා ඕන ඇමතිවරයෙකුට, මන්ත්‍රීවරයෙකුට රටේ ඕනෑම දෙයක් කරන්න පුළුවන් වුණත් අද එහෙත් කිරීමට නොහැකි බව ද සඳහන් කළේය.

    මහජන මුදල් ඉතා පරිස්සමෙන් වියදම් කිරීමට රජය කටයුතු කරන බවත් ඉදිරි අයවැයෙන් පස්සේ මේ වැඩපිළිවෙළ ජනතාවට හෙළි වන අතර ජනවාරි වෙනකොට එය ක්‍රියත්මක වන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    kpm_DMU_ Polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya