කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සෑම වර්ෂයකම ඇතිවන ආපදා තත්ත්වයන් ගෙන් මිදීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී ආපදා ඇතිවීමට බලපාන ප්‍රධාන සාධක පිළිබඳව අවධානය යොමුවිය. විශේෂයෙන්ම කුඩා වැව් නිසි ලෙස ප්‍රතිසංසකරණය කර නොමැති කමත්, මල්වතු ඔය නිසි ලෙස නඩත්තු නොකිරීම තුළත් වර්ෂා කාලයේ දී ජල ගැලීම් තත්ත්ව නිතර සිදුවන බව නිලධාරින්ගේ තීරණය විය. එම නිසා එක් අතකින් මල් වතු ඔය පවිත්‍ර කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කළයුතු බව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂවරයාගේ විසින් අමාත්‍යවරයාට දැනුම් දෙන ලදී. අමාත්‍යවරයා ද ඊට එකගත්වය පළකලේ ය.
අනුරාධපුර දිස්ත්‍රික්කය තුල කුඩා වැව් 2300 කට ආසන්න සංඛ්‍යාවක් පිහිටා තිබේ. මෙම වැව් සියල්ල මේ වන විට රොන් මඩ පිරීම නිසා වැඩි ජල ධරිතාවක් රදවාගත නොහැකි තත්ත්වයේ පවතී, එමෙන්ම එම වැව් ආශ්‍රිතව ගොවි කටයුතු කරන ජනතාව විසින් ඒවා නඩත්තු නොකිරිම නිසා වල් බිහි වී තිබේ. විශාල ගස් වැවී ඇති නිසා වැව් බැමි ද ඔරොත්තු නොදෙන මට්ටමක තිබේ. පසුගිය වසරේ කුඩා වැව් 50 කට අධික සංඛ්‍යාවක් කැඩි යාම තුළත්, පසුගිය දා ඇති වු වර්ෂාවෙන් වැව් 20 ක් කැඩීයාමත් නිසා වැව් වල පවතින අනාරක්ෂිත බව හොදින්ම තහවුරු වේ.
මෙම වැව් නිසි ලෙස ප්‍රතිසංස්කරණය කලහොත් ජලගැලීම් පාලනය කරගැනිමේ හැකියාව තිබේ. එහීදි හදුනාගත් අනාරක්ෂිත වැව් තාවකාලිකව නොව සම්පුර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරිමේ වැදගත්කම අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම ප්‍රතිසංස්කරණය කරන වැව් තුළ පුරාණයේ පැවැති වැව ආශ්‍රිත ක්‍රමවේද එලෙසම ක්‍රියාත්මක කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය. මල්වතු ඔය පවිත්‍ර කිරීමේ දී හා වැව් ප්‍රතිසංස්කරණය කිරිමේදී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවත් , වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් එක්ව තින්දු ගැනීම ඉතා වැදගත් යැයි ද අමාත්‍යවරයා පැවසීය.
විශේෂයෙන්ම ස්වාභාවික විපත් ඇතිවීමට ජනතාවගේ පවතින නොසැලකිල්ල ද හේතු වි තිබේ. පරිසරය පිලිබදව නොතැකීමත් , යැපුම් මානසිකත්වයක ජීවත් වීමත් ඉන් ප්‍රධාන ගැටළු දෙකකි. ආකල්පමය වෙනසක් මගින් ජනතාව මේවා මගහරවා ගත යුතුය යන්න අමාත්‍යවරයාගේ අදහසයි. ගමෙහි සම්පත රැක ගැනිමට ගම්වාසින්ට උනන්දුවක් නොමැති බව තහවුරු වන මෙබදු සාධක ඉතා කඩිනමින් මගහරවා ගැනීමට ඉතා කලෝචිත බව එම අවස්ථාවට එක්වූ අනුරාධපුර මහ දිසාපති ඩී.පී.ජී. කුමාරසිරි මහතා ද පැහැදිලි කළේය.
ඉදිරියේ දී සිදුකරන වැව් පිළිසකර කිරිම් වලදී කොන්ත්‍රාත් කරුවනට අවශ්‍ය පරිදි නොව නිසි ප්‍රමිතියකින් ඒවා අලුත්වැඩියා කිරිමටත්, මුදල් නාස්තියක් සිදුකිරිමට ඉඩ නොදිමටත් අමාත්‍යංශය තුළින් නිසි වැඩ පිළිවෙළක් සකසන බව කී අමාත්‍යවරයා අනෙකුත් ආයතනවල දිස්ත්‍රික් නිලධාරින් ද ඒ ආකාරයේ විනිවිද වැඩපිලිවෙලක් සකසා ගතයුතු යැයි අමාත්‍යවරයා අවධාරණය කළේ ය.
පහල මල්වතු ඔය ජලාශය ඉදිකිරිම ද අමාත්‍යවරයාගේ බලාපොරොත්තුවකි. එය සැකසුවහොත් කොත්මලේ ජලාශයටත් වඩා විශාල වන බවත් , ලංකාවේ විශාලතම ජලාශයන්ගෙන් පස්වැන්න වන බවත් කලාප වාරි අධ්‍යක්ෂවරයා සඳහන් කළේය. මේ පිළිබඳව මුලික ශක්‍යතා අධ්‍යයන ද සිදුකර අවසන්ව තිබේ. යම් හෙයකින් මෙම ජලාශය ඉදිකළ හොත් දිස්ත්‍රික්කයේ සමස්ත පානිය ජල අවශ්‍යතාව සපිරෙන අතරම මිරිදිය මතස්‍ය කර්මාන්තය ද නැංවේ. වගාකල හැකි කුඹුර බිම් ප්‍රමාණය ද ඉතා අධිකය. ගංවතුර ගැටලුවට ද විශාල පිලියමකි. මේ සියල්ලට අවශ්‍ය නිවැරදි ක්‍රියාමාර්ග ගැනීම තමා අමාත්‍ය ධුරයේ සිටින කාලයේ තිබෙන බලවත් බලාපොරොත්තුවක් බව දුමින්ද දිසානායක අමාත්‍යවරයා සඳහන් කලේය.
දිස්ත්‍රික්කයේ කලාප හා පලාත් වරිමාර්ග අධ්‍යක්ෂවරුන් , අතිරේක දිසාපති සමන් බන්දුලසේන මහතා, ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් , දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරින් පිරිසක් මේ අවස්ථාවට එක්විය.
SDF/dmu_Anuradhapura