නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයහපත් කාලගුණයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 1,946ක් පීඩාවට

    නොවැම්බර් 17, 2015

    පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල, කටාන, මීගමුව, මිනුවන්ගොඩ සහ ජා ඇල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයන්හි පවුල් 1,946ක පුද්ගලයින් 8,122 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් අපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

    වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථාපනය කර ඇති කඳවුරු 6ක පවුල් 1,318ක පුද්ගලයින් 5,302දෙනෙක් මේ වන විට රැඳි සිටිති.

     

    ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, වත්තල සහ මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයන්හි පුද්ගල මරණ 2ක් වාර්තා වී ඇති බවත්, මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් නිවසකට ද හානි සිදු වී ඇති බවත් ය.

     

    මේ වන විට ගංවතුර තත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින බව දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

     

    dmu_Gampaha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya