අපනයනකරුවන්ට තම නිෂ්පාදනයන්ට ලෝක වෙළඳපොළ තුළ වැඩි ඉල්ලුමක් ලබා ගත හැකි වන පරිදි රජයේ මැදිහත් වීමේන් ප්‍රමිති සහතිකයක් ද ලබා දීමට මෙහිදී කටයුතු කෙරේ.
ගාල්ල, අක්මීමන ලබුදූවේ පිහිටි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේදී ඊයේ (12) පැවති සාකච්ඡාවකට සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
දැනට වගා කර ඇති භූමියේ බෝග වගා ඝණත්වය ඉහළ නැංවීම හා අතුරු බෝග වගාව මගින් නිෂ්පාදකයාට ආදායම ඉහළ නංවාගත හැකි බවත් ඉදිරි වසර 5ක කාලය තුළ අපනයන ආදායම දෙගුණයකින් ඉහළ නැංවීමේ අග්‍රාමාත්‍යවරයාගේ අපේක්ෂාව සාක්ෂාත් කර ගැනීම සඳහා එය මහත් පිටිවහලක් වනු ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
අපනයන කෘෂි බෝග සඳහා අගය එකතු කිරීම තුළින් එම බෝග මගින් ලබා ගැනීමට අපේක්ෂා කරන ආදායම, ප්‍රාථමික නිෂ්පාදනයන් අපනයනය කිරීමෙන් ලබා ගත හැකි ආදායමට වඩා ඉහළ අගයක් වන බව ද අමාත්‍යවරයා එහිදි පෙන්වා දුන්නේ ය.
දැනට රාජ්‍ය සේවය තුළ සිටින කීර්තිමත් හා අත්දැකීම් බහුල ක්‍රියාශීලී නිලධාරීන්ගෙන් විශ්‍රාම වයස නොතකා උපරිම ප්‍රයෝජනයක් ගත යුතු බවත් දියුණු රටවල් එවැනි දක්ෂ නිලධාරීන්ගෙන් මිය යන තෙක්ම උපරිම සේවාවක් ලබා ගන්නා බවත් ඒ මහතා සඳහන් කළේය.
එම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශ උපදේශක ආචාර්ය අරුණ කුලතුංග, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ. ටී. පලඟසිංහ ඇතුළු පිරිසක් සහභාගී වූහ.
kpm