දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව අනාවරණය කළේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කෘෂි කර්ම කමිටු රැස්වීමේ
දීය.
ග්ලයිෆොසෙට් වල් නාශකය තහනම් කිරීම හේතු කොට ගෙන මෙම තත්ත්වය ඇති වී ඇත.ට්‍රැක්ටර්, උදලු හා හරක් මගින් කුඹුරුවල වල් විනාශ කිරීම ගොවීන්ට අපහසු වී තිබේ.මේ නිසා ග්ලයිෆොසෙට් වල් නාශකය වෙනුවට භාවිත කළ හැකි විකල්ප මාර්ගයක් හදුන්වා දී නැති නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇත.
මෙම සිද්ධිය පිළිබදව අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර මහතා පැවසුවේ පසුගිය දශක කිහිපය තුළ ලංකාවේ ගොවීන්ට හදුන්වා දුන් වල් නාශක භාවිතයෙන් ගොවීන් මුදවා ගැනීම දැන් අපහසුයි.එහෙත් දැන් ජනතාවට වල් නාශක භාවිතය ප්‍රශ්නයක් වෙලා.වකුගඩු රෝගය වැනි උග්‍ර ප්‍රශ්න මේ නිසා ඇතිවෙලා.වල් නාශක ඉස්සර ගොවීන්ට හදුන්වා දුන්නේ බොහොම අමාරුවෙන්.සරු අස්වැන්නක් පහසු මාර්ගයක් බව එදා සමාගම් විසින් ගොවීන් ට හදුන්වා දුන්නා.එහෙත් දැන් ගොවීන් වල් නාශක භාවිතයේ පුරුද්දෙන් ගලවා ගන්න අමාරු වෙලා.මෙම කරුණු සම්බන්ධව අදාල ආයතන ගෙන්වා සාකච්ඡා කර විසදුම් සොයා ගත යුතුයි.
AP/DMU-Colombo