‘ළමා පරපුර සුරැකීම සඳහා මාධ්‍ය දැනුවත් දායකත්වය‘ මාධ්‍ය කළමනාකරුවන් සඳහා පැවති සම්මන්ත්‍රණයක් අද (9) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී
පැවති අතර එහිදී ලේකම්වරිය මේ බව පැවසුවාය.
ගම් මට්ටමේ සිට මෙම දැනුවත් කිරීමේ යාන්ත්‍රණය සිදු කෙරෙන අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පළාත් මට්ටමින් මෙන් ම ජාතික මට්ටමින් මෙම
යාන්ත්‍රණ ක්‍රියාවලිය සිදු කෙරෙන බව ඇය පෙන්වා දුන්නාය.
මේ සම්බන්ධයෙන් ගම් මට්ටමින් කමිටු පත් කර තිබෙන අතර එම කමිටු ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් පසුවිපරම් කිරීම් ද අමාත්‍යාංශය මඟින් සිදු වන බව පෙන්වා දුන්
ලේකම්වරිය ප්‍රකාශ කළේ ළමා අමාත්‍යාංශය සතු කාර්ය භාරය පටු නොවන බව ද සඳහන් කළාය.
ළමා අපරාධ රැල්ල වැඩිවීම ගැන දෙස් විදෙස්වලින් ප්‍රශ්න කිරීම් සිදු වන බවත් ළමයින් අපරාධවලට යොමු වීම සම්බන්ධයෙන් සිදු කළ සොයා බැලීම් තුළින් ග්‍රාමීය මට්ටමේ දැනුවත් නොවීම ද හේතු වී තිබෙන බැවින් දැනුවත් කිරීම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවත් ලේකම්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.