කෘෂි ආශ්‍රිත නිෂ්පාදන වන එළවළු, පළතුරු, සහල් හා ධාන්‍ය වර්ග, අපනයන කෘෂිබෝග ආශ්‍රිත නිෂ්පාදන, මල් හා උද්‍යාන බෝග ආශ්‍රිත නිෂ්පාදන හා සාම්ප්‍රදායික දේශීය වෛද්‍ය හා ආයුර්වේද නිෂ්පාදන යන ක්ෂේත්‍රවල පවතින ව්‍යාපාරික අවස්ථා පිළිබද හදුන්වා දීම, ඒ සදහා මූල්‍ය ශක්‍යතාවන් ඇති නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම හා එම කර්මාන්ත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහය ලබාදීම මෙම වැඩසටහනේ අරමුණු අතර වේ.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය හා එක්ව සංවිධානය කරනු ලබයි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පසු අස්වනු තාක්ෂණය ආයතනය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, අපනයන සංවර්ධන මණ්ඩලය ඒකාබද්ධව මේ සදහා සිය දායකත්වය සපයන අතර ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් මුල්‍ය අනුග්‍රහය දක්වා ඇත.
මෙම වැඩසටහන සදහා සහභාගි වන එක් ව්‍යවසායකයෙකුගෙන් දින දෙක සදහා රු 1000 ක මුදලක් ලියාපදිංචි ගාස්තු වශයෙන් අය කරනු ලබයි. එම මුදල් දිස්ත්‍රික් කාර්යාලයට පැමිණ හෝ මුදල් ඇණවුමකින් ගෙවිය හැකි බව දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ ලලිත් ගුණසේකර මහතා පැවසීය. මුදල් ඇණවුමකින් ගෙවන්නේ නම් ගෙවීම් කාර්යාලය, මාතලේ ලෙස සදහන් විය යුතු අතර චෙක්පතකින් ගෙවන්නේ නම් නියෝජ්‍ය අධ්‍යක්ෂ, කාර්මික සංවර්ධන මණ්ඩලය ලෙස සදහන් කළ යුතුය. මේ පිළිබද වැඩි විස්තර 071-8157994 දුරකථන අංකය අමතා ලබා ගත හැකිය. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති මහින්ද ජිනසේන, අධ්‍යක්ෂ ජනරාල් පී. එල්. යූ. රත්නමළල මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන සදහා අදාල ක්ෂේත්‍රයන්හි විද්වතුන් රැසකගේ සම්පත් දායකත්වය ලබා ගැනීමට නියමිතය.
AP/DMU-Matale