නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ විජයපාල විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදාන කෙරේ

    නොවැම්බර් 04, 2015

    දැනුම කුසලතා ආකල්පවලින් හෙබි දරුවකු බිහිකිරිම දෙමාපියන්ගේ මෙන්ම ගුරවරුන්ගේ වගකිමක් හා යුතුකමක් බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පැවසීය.

    අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේ විජයපාල මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ වාර්ෂික ත්‍යාග හා සහතික ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

    ජාතික ආණ්ඩු සංකල්පය යටතේ මේ රටට යහපත් දෙයක් සිදු කිරිමට සියලු දෙනාට හැකිවි තිබෙන බවත් වත්මන් ආණ්ඩුව විසින් මෙවර අයවැයෙන් අධ්‍යාපනයට ඉතිහාසයේ වැඩිම මුදලක් වෙන් කර තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

    මේ රටේ පාසල් එකම ක්‍රමවේදයක් යටතේ මානව සම්පත මෙන්ම භෞතික සම්පත ද දියුණු කළ යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා පළාත් සභා හා ජාතික පාසල් කියා වෙන් නොකළ යුතු බවද පැවසීය.

    ඒ මහතා ප්‍රකාශ කළේ පසුගිය කාලයේ අධ්‍යාපනයේ සිදු වූ අඩුපාඩු හඳුනාගනිමින් නව රජය කටයුතු කිරීමෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු මට්ටමට පත් වන බවයි.

    මේ විද්‍යාලයේ කාලයක් විදුහල්පති ධුරය හෙබවු පූජ්‍ය පාද කොස්ගොල්ලේ සිලරතන හිමියන්ගේ කාලයේ විශාල දියුණුවක් ඇති වූ බව පෙන්වා දුන් අතර ඒ මහතාගේ පියාණන් වු හිටපු කැබිනට් අමාත්‍ය දිවංගත ඇලික් අලුවිහාරේ මැතිතුමාගේ අනුග්‍රහය යටතේ විශාල දියුණවක් ඇති කළා. ඉදිරියේදිත් මේ පාසල වෙනුවෙන් සිදු කළ හැකි කාර්යන් කිරිමට අප බලාරොත්තු වෙනවා යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

    ප්‍රාථමික අංශයේ විෂය ප්‍රණතාවය දැක්වු සිසු සිසුවියන්ට අමාත්‍යවරයා අතින් ත්‍යාග හා සහතික ප්‍රදානය කළ අතර මෙම අවස්ථාවට ආදි සිසුවකු වන ආචර්ය ටි.ගනේෂන් මහතා ඇතුලු ආරාධිතයින් සහභාගි වූ අතර විද්‍යාලයේ විදුහල්පති ඊ.ඩබ්. විජේරත්න මහතාගේ උපදෙස් පරිදි ප්‍රාථමික අංශයේ ආචර්ය මණ්ලය මෙම උත්සවය සංවිධානය කළේය.

     

    DMU_ Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya