එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,
“විශේෂයෙන් මේ ක්‍රියාදාමය තුල අපි ජාතික ආණ්ඩුවක් ලෙස සියල්ලන්ම එකට එකතුවෙලා වැඩ කරන්නේ. අපි මෙපමණ කාලයක් පක්ෂ පාටවලට රණ්ඩුවේවි ජීවත් වුනේ.නමුත් අද ලංකාවේ මරාගෙන මැරුණු පක්ෂ දෙක එකට එකතුවෙලා වැඩකරන කාලයක් උදාවෙලා තියෙන්නේ.
අද ජිනීවා මානව හිමිකම් යෝජනාවේ තියෙන්නේ ලංකාවේ නීතියට අනුව ජාත්‍යන්තර සහයෝගය ගන්න ලංකාවට අවස්ථාව තියනවා කියලා. අද ඩොලරය ඉහළ යනවා, බදු මිල ඉහළ යනවා. ඒ දේවල් අඩුකරගැනීමට කටයුතු කරන්න ඕනේ. රැකියා ගැටලුව විසඳන්න ඕනේ. රටේ සංවර්ධනය ක්‍රමානුකුලව කලයුතු කාලයක් මේක. ශ්‍රී ලංකා ද එජාපයේ ද කියලා හිතන්නේ නැතිව එකට එකතුවෙලා වැඩකරමුයි කියලා මම කියන්න කැමතියි.“ බවය.
මෙම අවස්ථාවට වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, වයඹ පළාත් ප්‍රවාහන හා සමුකාර අමාත්‍ය ගුණදාස දෙහිගම, වයඹ පළාත් සභාවේ උප සභාපති සෝමසිරි ගුණතිලක යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
SDF