නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය දයා ගමගේ අතින්, අම්පාරේ සිය දෙනෙකුට ඉඩම් ඔප්පු සහ නිවාස ආධාර

    නොවැම්බර් 02, 2015

    ‘සැමට සෙවන ආදර්ශ නිවාස වැඩසටහන‘ යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 100 දෙනෙකු සඳහා ඉඩම් ඔප්පු සහ නිවාස ආධාර ලබා දීමේ වැඩසටහනක් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (නොවැ. 30) අම්පාරේ දී පැවැත්විණි.

    මෙම වැඩසටහන යටතේ, අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර, උහන, දමන හා පදියතලාව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පදිංචි සිය දෙනෙකු වෙනුවෙන් මෙලෙස ඉඩම් ඔප්පු පිරිනමනු ලැබීය.

     

    ඒ අනුව, එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් පුද්ගලයින් විසි පස් දෙනෙකු මෙම නිවාස ව්‍යාපෘතියට තෝරා ගෙන තිබිණි.

     

    ජාතික නිවාස අධිකාරිය විසින්, ඔවුන්ගේ නිවාස ඉදිකර ගැනීම සඳහා එක් පුද්ගලයකු වෙනුවෙන් රුපියල් 250,000 බැගින් ආධාර මුදලක් ද ලබා දීමට කටයුතු කර ඇත.

     

    මෙම අවස්ථාවට අම්පාර දිස්ත්‍රික්කයේ සහකාර දිස්ත්‍රික් ලේකම් උයද නානායක්කාර, ප්‍රාදේශීය ලේකම්වරුන්, නිවාස අධිකාරියේ අම්පාර දිස්ත්‍රික් කළමණාකරු පී.එස්. කලන්සූරිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya