තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ ප්‍රථම වරට උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි ශිෂ්‍යශිෂ්‍යාවන් අතරින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන ප්‍රථම කණ්ඩායම වශයෙන් ශිෂ්‍යශිෂ්‍යාවන් 1,800දෙනෙකු 2016 වර්ෂයේ දී විශ්වවිද්‍යාලවල ඇතුළත් කරගැනීමට නියමිතය. ඒ සඳහා විශ්වවිද්‍යාලවලට අවශ්‍ය පහසුකම් සැලසීමේ අරමුණින් මෙම සංවර්ධන වැඩපිළිවෙල සකස් කර ඇත.
ඒ අනුව රජරට, කොළඹ, වයඹ, රුහුණ හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයන් හි අවශ්‍ය ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා සහ අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන වෙන්කරගැනීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා මෙම සංවර්ධන යෝජනාව ඉදිරිපත් කර තිබිණි.
SDF