ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ලග්ගල ආසනයේ පුවක්පිටිය,පිටවල.දම්මන්තැන්න,පොත්තටවෙල ආදි ගම්මානවල පැවති “සොදුරු ගමක් -නව යුගයක්“ගම්මාන සංවර්ධනය කිරිමේ වැඩසටහනට එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා මෙසේද පැවසිය.
මහ මැතිවරණයෙන් පසුව ප්‍රථම වතාවටයි මේ ලග්ගල ආසනයට අපි පැමිණියේ. මෙය මාතලේ දිස්ත්‍රික්කය තුළ ඇති දුෂ්කර ප්‍රදේශයක් .මේවා සම්ප්‍රදායික ගම්මාන ඒ අපේකම රැක ගනිමින් ඒවා ආරක්ෂා කර ගනිමින් සංවර්ධනය කිරිමට අපි ක්‍රියා කරනවා.ගම්මානවලට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදෙමින් ගොවි ආර්ථිකය නැංවිමට කටයුතු කරනවා.ලංකා දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට එක්සත් ජාතික පක්ෂයක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයක් එක්වි ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගත්තා.පසුගිය කාලයේ වගේ එක් පක්ෂයකට පමණක් ප්‍රමුඛතාවය දි වැඩ කරන්න බැහැ.සැමට සාධාරණ වු වැඩපිළිවෙළක් යටතේ සියල්ල සිදු කළ යුතුයි.මෙම ගම්මාන සංවර්ධනය කිරිමට අවශ්‍ය පියවර ගන්නවා සේම ඒ සදහා මුදල් ප්‍රතිපාදන ලබා දිමට අප කටයුතුකරනවා.දුෂ්කර පළාත්වල පවතින ගුරු හිගයට පිළියම් ලබා දෙමින් දරුවන්ට හොද අධ්‍යාපනයක් ලබා දිමට අප කටයුතු කරනවා යැයිද අමාත්‍යවරයා පැවසිය.
වත්මන් රජය සැම දෙනාමට සාධාරණ ලෙස සේවය කිරිමට බලාපොරොත්තුවන බවත් මාතලේ දිස්ත්‍රික්කය සංවර්ධනයේ
නව මාවතකට යොමු කිරිමට දිර්ඝකාලින සැලසුම් මේ වන විට සැලසුම් කර ඇති බවද අලුවිහාරේ මහතා පැවසිය.
AP/DMU-Matale