ළමා අයිතිවාසිකම් සම්බන්ධව පළමුවරට එංගල්ටයින් ජෙබ් 1923 වර්ශයේ හඳුන්වා දුන් අතර පසුව 1924 වර්ෂයේ ජිනීවා ප්‍රකාශය, 1948 වර්ෂයේ මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය හා 1959 එක්සත් ජාතින්ගේ අයිතිවාසිකම් ප්‍රඥප්තිය මගින් ළමා ශ්‍රමිකත්වය සහ අයිතිවාසිකම් ආරක්ෂ කිරීම වෙනුවෙන් කටයුතු සැලසී තිබේ.
මෙම වැඩසටහන රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරුණු අතර මෙය දීප ව්‍යාප්ත වැඩ සටහනකි.
එමෙන්ම ළමයින් සම්බන්ධව නීත්‍යානුකුල ක්‍රියාමාර්ග ගැනීමේ දී එම දරුවන්ගේ පවුල් පරිසරය සම්බන්ධව විමසිලිමත් විය යුතු බවට මෙහිදී අවධාරණය විය. ගාල්ල දිස්ත්‍රික්කයේ ළමා හා කම්කරු කටයුතු සම්බන්ධව ක්‍රියාත්මක සියළුම රාජ්‍ය ආයතන නිලධාරි හූ මේ අවස්ථාව සඳහා සහභාගී වී සිටිය හ.
AP/DMU-Galle