ආර්ථික සංවර්ධනයට උපරිම දායකත්වය ලබාදෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාර සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපදේශනය නොමිලේ ලබා දීමේ විශේෂ වැඩසටහනක් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් එච්.එම් ගාමිණි සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 30 වන දින පෙ.ව 9.00 - ප.ව 3.00 දක්වා කෑගල්ල නගර ශාලාවේ දී පැවැත්වේ.
මෙම උපදේශන සායනය සඳහා රාජ්‍ය ආයතන 24 ක් පමණ සහභාගී වන අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට මෙම වැඩමුළුවට සහභාගී වීම තුළින් ව්‍යාපාර ගැටළු සඳහා විසඳුම්, ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ තොරතුරු ආදිය නොමිලේ ලබා ගත හැකිය.
AP/DMU-Kegalle