නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර අයවැයෙන් ජනතාවට සහන රැසක්

    ඔක්තෝබර් 28, 2015
    යහපාලන රජය යටතේ ඉදිරිපත් කරනු ලබන පළමු අයවැයෙන් ම මහජනතාවට සහන රැසක් ලබාදීමට අපේක්ෂා කරන බවත් රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් ඉලක්ක කොට නව ව්‍යාපෘතීන් රැසක් රජය මගින් ක්‍රියාත්මක කිරිමට යෝජිත බවත්  තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම් මහතා ප්‍රකාශ කරයි.  
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා යටිනුවරෙ, දන්තුරේ සහ අලගල්ල යන ප්‍රදේශවල පැවැති  ජනහමුවලට සහභාගී වෙමිනි. 
     
    අලගල්ල හා දන්තුරේ අවට ගම්මාන රැසක අඩුපාඩු සොයා බැලු අමාත්‍යවරයා ප්‍රදේශයේ දුෂ්කර මං මාවත් කඩිනම් වැඩපිළිවෙළක් යටතේ සංවර්ධනය කිරිමට  පියවර ගන්නා බව සඳහන් කළේය. 
     
    මීට අමතරව වතු  ආශ්‍රිත ජනතාව දැනටමත් මුහුණ පා ඇති  නිවාස, රැකී රක්ෂා සහ සෞඛ්‍යමය  ගැටලු සඳහා  ඉදිරි අයවැය මගින් සහන රැසක් සැලසෙනු ඇතැයි ද  එතුමා එම අවස්ථාවන්හි දී පැවැසීය.  
     
    පැවැති රජය යටතේ වතු ජනතාව ගැටලු හඳුනා නොගත් බවත් පැවැති ගැටලු අවුලෙන් අවුලට පත් කර ඇතැයි ද  අමාත්‍යවරයා පැවසීය. විටින් විට රජයන් වෙනස් වුවද  ඒ කිසිදු රජයක් මගින් වෙනස් කිරීමකට ලක් කරුනු නොලැබු  වතු පේළි නිවාස ඉවත් කර ඒ වෙනුවට වතු ජනතාවට නව නිවාස ක්‍රමයක්  ඉදිරියේ හඳුන්වාදීමට නියමිත බැව් ද හලීම් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
     
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya