මෙම වසරේ පවත්වනු ලබන ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා 6ක් සහ වේග ප්‍රහාරක යාත්‍රා 6ක් ද, ඉන්දීය නාවික හමුදාවේ නෞකා 3ක් ද සහභාගි වේ.
සහයෝගීතාවය, සම්බන්ධීකරණය සහ එක්ව කටයුතු කිරීම තුළින් කලාපයේ සාගරික ආරක්ෂාව පවත්වාගෙන යාම මෙන් ම, ස්වකීය හැකියාවන් සහ සීමාවන් පිළිබඳ අන්‍යෝන්‍ය අවබෝධය ඇති කර ගැනීම තුළින් දෙරටේ නාවික හමුදා අතර අන්තර් සන්නිවේදන හැකියාවන් සහ තාක්ෂණික ගැලපීම් වැඩිදියුණු කර ගැනීම මෙම අභ්‍යාසය පැවැත්වීම තුළින් බලාපොරොත්තු වේ.
මෙමගින් නෞකා ස්ථානගත කිරීම හා සමූහයක් වශයෙන් යාත්‍රා කිරීම, පණිවුඩ හුවමාරුව, නෞකා අතර පුද්ගලයන් හා ද්‍රව්‍ය හුවමාරු කිරීම සහ හෙලිකොප්ටර් පුහුණු අභ්‍යාස ඒකාබද්ධ ලෙස පැවැත්වීමට අවස්ථාව සැලසෙනු ඇත.
සාගරික ක්‍රියාකාරකම්වලදී ඉන්දීය නාවික හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාවට අවශ්‍ය සහාය නිරන්තරයෙන් දක්වන අතර, නොකඩවා සිදු කරන මෙවැනි ඒකාබද්ධ නාවික අභ්‍යාස මගින් දෙරටේ නාවික හමුදාවන් අන්‍යෝන්‍ය අවබෝධය ක්‍රමානුකූලව වර්ධනය කර ගැනීම තුළින් කලාපයේ සාගරික ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා මහත් සේ උපකාරී වේ.
DB/ Navy.lk