නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවයි

    ඔක්තෝබර් 27, 2015

    අද සමාජයේ බොහෝ පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතය සදහා යොමු වී සිටින බවත් එය සමාජයේ පිළිකුල් සහගත දෙයක් බවට පත්කල යුතු බවත් රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා පැවසීය.

    දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව ප්‍රකාශ කලේ “මතින් නිදහස් රටක්” ජාතික වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවැති මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව පිහිටුවීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

    රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින්ගෙන් සමන්විත රත්නපුර දිස්ත්‍රික් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව පත් කෙරුණු අතර ගම් මට්ටමින් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරිමට තීරණය කෙරිණි.

    වැඩිදුරටත් අදහස් දැක්වු දිස්ත්‍රික් ලේකම්වරයා, ජනාධිපති තුමා බලාපොරොත්තු වන ජාතික ප්‍රතිපත්තියට ලගා වීමට අප දිස්ත්‍රික්කයක් ලෙස සහය දැක්විය යුතුයි.එසේම මේ සදහා අප ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කල යුතුයි. අද මත්පැන් හා මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරිම සංවිධානාත්මකව සිදුවන කාරණයක්.රත්නපුර දිස්ත්‍රික්කයේ සමාජ ප්‍රශ්නවලට තුඩුදෙන බොහෝ ක්‍රියාකාරකම්වලට මත්වතුර හා මත්ද්‍රව්‍ය හේතු කාරණා සපයන බව ඉතා පැහැදිලියි.රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම බිමතට ඇබ්බැහි වි සිටිනවා.රත්නපුරයේ බීමට ඇබ්බැහි වුවන් දිනකට බවුසර් 05 ක පමණ මත්වතුර ප්‍රමාණයක් පානය කරන බව ගණන් බලා ති‍බෙනවා.අඩු ආදායම්ලාභී පවුල් මේ සඳහා වැඩි වශයෙන් යොමු වී ඇති බවක් පේනවා.

    ඉහත තත්වයන්ගෙන් රත්නපුර දිස්ත්‍රික්කය මුදවා ගැනිම අපගේ සාමූහික වගකීමකි.අපට මොන රාජකාරි පැවැතියත් අපට සාමාජීය කාර්යක්ද පැවැරී තිබෙනවා.එයද අප ඉටු කල යුතුව තිබෙනවා. විශේෂයෙන් මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වන පිරිස් ඉන් මුදවා ගැනීමේ පුළුල් ඒකාබද්ධ වැඩ සටහනකට අපි යොමු විය යුතුයි. විශේෂයෙන් පාසල් වයසේ දරුවන් දැනුවත් කර මේ සඳහා යොමු විමෙන් වලක්වා ගත යුතුයි ද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

    මේ අවස්ථාවට වැඩම කල දිසා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය කෝම්පිටි සුසීල හිමියන් අදහස් දක්වමින්, පසුගිය කාලයේ විහාරස්ථාන හා දහම් පාසල් අවට සුරාසැල් ඉවත් කිරිමට උපදෙස් දී තිබුනත් තවම එය ක්‍රියාත්මක වී නැහැ. මත් වතුර හා මත්ද්‍රව්‍ය දිස්ත්‍රික්කයට පිලිලයක් වී තිබෙනවා. පාසල් වලට මෙය දැඩිව බලපා තිබෙනවා.ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා සමාජයේ කලකෝලහල වැඩිවෙලා.අංග විකල, මන්ද බුද්ධික දරුවන් රටට බිහිවිමට මත්ද්‍රව්‍ය බලපානවා.විශේෂයෙන් ළමා ලෝකය අප බේරා ගත යුතුයි.කනගාටුවට කරුණ නම් වර්තමානයේ තරුණ කාන්තාවන් ඇබ්බැහි වීමයි.මහ සංඝරත්නය විදිහට අප දහම් පාසල්වල ධර්ම දේශනාවලදි මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරිමට කටයුතු කරනවා යයිද පැවසුහ.

    රත්නපුර ප්‍රාදේශිය ලේකම් චිත්‍රා කොට්ටවත්ත,රත්නපුර මහ රෝහලේ වෛද්‍ය අස්මි, වෛද්‍ය ගාමිණි, රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පාලිත ප්‍රනාන්දු, ශ්‍රි ලංකා අන්තරායකාරී ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ රත්නපුර දිස්ත්‍රික් නිලධාරීන් වන නිලානි රේණුකා, තිළිණි වීරසේකර යව මහත්ම මහත්මීන්ද අදහස් දැක්වුහ.


    ප්‍රාදේශිය ලේකම්වරු, සුරාබදු නිලධාරීන්, පොලීසිය, පළාත් සභාව, පළාත් අධ්‍යාපන කාර්යාලය, නගර සභාව, සමාජ සේවා දේපාර්තමේන්තුව, තරුණ සේවා සභාව, රුවන්පුර අධ්‍යාපන විද්‍යාපීඨය, රත්නපුර මහ රෝහල ආදී ආයතන නියොජනය කරමින් ආයතන ප්‍රධානීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya