අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ පසුගිය දින ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ක්ෂේත්‍ර චාරිකාවකට එක්වීමෙන් අනතුරුව එහි කළමණාකාරීත්වය හා පැවති විශේෂ සාකච්ඡාවකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය, සේනසිංහ මහතා, “අපේ අපනයන ක්ෂේත්‍රය නගා සිටුවීමේලා ගත හැකි කෙටි කාලීන උපාය මාර්ග දෙකක් මා දකිනවා. ඉන් පළමුවැන්න වන්නේ ප්‍රධාන අපනයන කාණ්ඩ වර්ගීකරණයට පමණක් නොව, ඒවා තුළ පවතින උප කාණ්ඩ සඳහා ද නිශ්චිත ආදායම් ඉලක්ක ලබාදී එම ඉලක්ක සපුරා ගැනීමට වැඩසටහන් ක්‍රියාත්මක කිරීමයි. දෙවැන්න වන්නේ දැනට කෙරෙන සාමන්‍ය මට්ටමේ අගය එක් කිරීම වෙනුවට, ඉතා ඉහළ මට්ටමේ අගය එක්කිරීමේ ව්‍යාපෘති සඳහා අපනයන ක්ෂේත්‍රය මෙහෙය වීමයි. මේ රටේ ආර්ථික ක්ෂේත්‍රයේ හදවත බඳු අපනයන ක්ෂේත්‍රය නැංවීමට නම් අප පෞද්ගලික අංශය සමඟ සමීපව සම්බන්ධතා පැවැත්විය යුතු වෙනවා. ඒ වගේම අපනයනය සම්බන්ධ රාජ්‍ය ව්‍යුහය, පෞද්ගලික අංශයේ කාර්යක්ෂමතා මට්ටමට ලඟා විය යුතු වෙනවා. මෙහිදී ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයට සුවිශේෂී කාර්යභාරයක් පැවරී තිබෙනවා" යනුවෙනි.
අපනයනයේ ප්‍රගමනය වෙනුවෙන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ගයන් හා වැඩපිළිවෙළ අගය කළ අමාත්‍ය සේනසිංහ මහතා, නව රජයේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට සමගාමීව අපනයන සංවර්ධන මණ්ඩලයේ කටයුතු වැඩි වේගයකින් යුතුව ඉහළ නැංවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂා කරන බවද පැවසීය. එබැවින් ඊට අනුගත පරිදි සංවර්ධන උපාය මාර්ග වැඩිදියුණු වීමේ අවශ්‍යතාවය ද පෙන්වා දෙන ලදී. එමෙන්ම අපනයන හිතකර වාතාවරණයක් ගොඩනැංවීම සඳහා දේශීය අපනයනකරුවන්ට වඩ වඩාත් සමීපවීමේ වැදගත්කම ද අමාත්‍ය සේනසිංහ මහතා අවධාරණය කළේය.
අපනයන සංවර්ධන මණ්ඩලයේ ක්ෂේත්‍ර චාරිකාවෙන් අනතුරුව එම මණ්ඩලයේ වෘත්තීය සමිති නිලධාරීන් සමඟ ද අමාත්‍යවරයා සාකච්ඡා කළේය.
සංවර්ධන උපාය මාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශ ලේකම් චාන්දනී විජේවර්ධන, සහකාර ලේකම් ජයනන්ද, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් හිමාලි ජිනදාස, විධායක අධ්‍යක්ෂ ආචාර්ය යූසුෆ් කේ. මරික්කාර්, මහජන සම්බන්ධීකරන නිලධාරී අනිල් නිහාල් පෙරරේරා මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
DB