නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කසල අක්‍රමවත්ව මුදාහරින්නන් නීතියේ රැහැනට හසුකර ගැනීමට පියවර ගැනේ

    ඔක්තෝබර් 23, 2015
     
     
    පොලිස් පරිසර ආරක්ෂක කොට්ඨාසයේ අධීක්ෂණය යටතේ කොළඹ උතුර මධ්‍යම හා දකුණ යන කොට්ඨාස වල පිහිටි අපද්‍රව්‍ය ගලා බසින ඇල මාර්ග වෙත කසල දමන අයවලුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම පිලිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් පරීසර ආරක්ෂණ කොට්ඨාසයේ ස්ථාන භාර නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් පෙරේරා මහතා පවසයි.
    ඒ මහතා එසේ ප්‍රකාශ කලේ පසුගිය දා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ඩෙංගු හා පරිසර කමිටු රැස්වීමේ දීය. 
     
    මෙම වැඩසටහන මගින් අප ද්‍රව්‍ය ගලා බසින ඇල මාර්ගයන් තුල පොලිස් පරිසර ආරක්ෂණ නිලධාරින් හා නාවික හමුදා නිලධාරින්ගේ සහභාගිත්වයෙන් බෝට්ටු මගින් සංචාරය කරමින් ඇල මාර්ග වෙත කසල බැහැර කරන අයවලුන් කොටු කර ගැනීමට බලාපොරොත්තු වේ.
     
    ජුලී මාසයේ දී පරිසරය අපවිත්‍ර කරන පුද්ගලයින් 460 දෙනෙකු නීතියේ රැහැනට හසු කර ගැනීමට හැකි වී ඇත.
     
    ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන සෑම මසකම පොලිස් බල ප්‍රදේශ 21 ක් ආවරණය වන පරිදි රාජ්‍ය හා පෞද්ගලික ආයතන 320 ක් පිරිසිදු කිරීම ද මේ යටතේ සිදු විය.ඒ අනුව ගෙයින් ගෙට ගොස් පරික්ෂා කිරීම් 195 ක් හා ජනතාව දැනුවත් කිරීම් 41 ක් දැනටමත් සිදු කර ඇත.
     
    පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් 1205 කගේ දායකත්වයෙන් කොළඹ දිස්ත්‍රික්කය තුල හදුනාගත් ඩෙංගු අධි අවදානම් කලාප ඉලක්ක කර ගනිමින් මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක වේ.
     
    මෙම වැඩසටහන මගින් පරිශ්‍ර 64373 ක් ද මදුරු කීටයන් බෝ විය හැකි ස්ථාන 12558 ක් ද මදුරු කීටයන් සහිත ස්ථාන 1817 ක් ද හදුනාගෙන තිබේ.අවවාද කර රතු නිවේදන නිකුත් කිරීම් 1852 ක් සහ මදුරු කීටයන් බෝ විය හැකි ස්ථාන සදහා නඩු පැවරීම් 75 ක් ද මේ වන විට සිදු කර ඇත.
     
    AP/DMU-Colombo

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya